හිටපු ඇමති නිමල්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එස්.එම්.නිෂාර් මව්ලානා නැමැති පුද්ගලයෙකු විසිනුයි අද (31) එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධුරයේ කටයුතු කරන සමය තුළ ජපානයේ සමාගමකින් රුපියල් මිලියන 200ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට වූ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.