හිටපු ඇමති කෙහෙලිය අත්අඩංගුවට ගන්න උපදෙස්

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල සහ ප්‍රසම්පාදන අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට ගැනීමට නීති අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

හිටපු විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර සහ අනෙකුත් අමාත්‍යංශ නිලධාරීන් ගැන පිළිබඳව ගනු ලබන තීරණය පසුව ලබා දීමට නියමිතයි.