හිටපු ඇමතිවරයෙකු ගජමුතු විකිණීමට ගොස් මාට්ටු

ගජමුතු විකිණීමේ සිද්ධියකට අදාළ ව හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (25) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීම සිදු කරනු ලැබුවේ අම්පාර ප්‍රදේශයේ දී යි.

ලද බුද්ධි අංශ තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට සැකකරුවන් අම්පාර පොලීසිය වෙත භාර කෙරුණා.