හිටපු ආරක්ෂක අමාත්‍යවරයෙකු වසර දෙකක් සිරගත කිරීමට ලයිබීරියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

දූෂණ නඩුවක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යවරයෙකු වසර දෙකක් සිරගත කිරීමට ලයිබීරියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

බ්‍රවුනි සමුකායි සහ ඔහුගේ සගයන් දෙදෙනෙකු මෙයට වසර දෙකකට පමණ පෙර රජයේ මුදල් මිලියනයක් (£ 748,000) විශුද්ධිකරණය හා සොරකම සම්බන්ධයෙන් වැරදිකරුවෝ බවට පත් වූහ. එම අවස්ථාවේ දී ඔවුන්ට වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් නියම කෙරුණු අතර එම මුදලින් අඩක් මාස 6ක් ඇතුළත ආපසු ගෙවන ලෙසට ද නියෝග කෙරිණි.

නියමිත කාලය තුළ මුදල් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් මෙයට දින දෙකකට පමණ පෙර අධිකරණය විසින් ඔවුන්ට සිරදඬුවම් ලබා දීමට නියම කර තිබේ.

විනිසුරුවරයෙකු පැවසුවේ තිදෙනා දැන් සියලු මුදල් ආපසු ගෙවිය යුතු බවත්, එම කාලය තුළ ඔවුන් එසේ කිරීමට අපොහොසත් වුවහොත් වසර දෙකෙන් පසුවත් සිරගතව සිටීමට සිදු වන බවත්ය.

උසාවි වාර්තාවලට අනුව, සොල්දාදුවන්ගේ වැටුපෙන් සාමාන්‍ය ලෙස මුදල් අඩු කර, විශ්‍රාම වැටුප් ක්‍රමයක කොටසක් ලෙස පොදු ගිණුමකට නොව පෞද්ගලික ගිණුමක මුදල් තැන්පත් කිරීමට ඔවුන් කටයුතු කර තිබිණි.

හිටපු පොලිස් ප්‍රධානියෙකු වන සමුකායි අධිකරණයට කියා සිටියේ තම ප්‍රධානීන්ගේ උපදෙස් මත පැවැත්වුණු නිළ වැඩසටහන් සඳහා මෙම මුදල් වියදම් කළ බවයි.

ඔහු හිටපු ජනාධිපති එලන් ජොන්සන් සර්ලීෆ් යටතේ දිගු කලක් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් සිටියේ ය.

මොහු ලබන වසර පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ජනාධිපති ජෝර්ජ් වීට අභියෝග කිරීමට බලා සිටින විපක්ෂ සන්ධානයේ ප්‍රබල චරිතයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26