හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියගේ නඩුවේ පැමිණිලි විභාගයට දින

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදී ඒ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිලි ජුනි මස 16 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කෙරුණා.

ඒ නඩුව අද (08) ඒ.එච්.එම්.ඩී. නවාස්, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම නඩුව විභාගයට සහභාගි වීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් මෙම පැමිණිලි පිළිබඳ විභාගය ජුනි මස 16 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර ඔහුගේ ඇප ඉල්ලීම ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා ප්‍රතික්ෂේප කෙරුණා.

මේ අතර ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතීඥ ඒම්.ඒ.සුමන්දිරන් යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා නොවැම්බර් මස 20 වැනිදා කැඳවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14