හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ඇප (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.

අද (20) දහවල් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා ව බදුල්ල පොලිසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත්තා.

පසුගිය මහ මැතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මතයි හිටපු අමාත්‍යවරයා ව අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට බදුල්ල පොලිස් ස්ථානයට පැමිණි විට දී අත්අඩංගුවට ගැනුණේ.

හිටපු අමාත්‍යවරයා ආධාරකරුවන් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලිසිය මගින් පෙළපාලිය විසුරුවා හරිනු ලැබුවා.

එහිදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ පොලිස් නිලධාරින් අතර ඇති වූ සංවාදයක් හේතුවෙන් එහි නොසන්සුන් තත්ත්වයක් ද හට ගැනුණු අයුරුයි දක්නට ලැබුණේ.

හිටපු අමාත්‍යවරයා විසින් ඇඳ සිටි කමීසය පවා ගලවා දමමින් එම අවස්ථාවේ නොසන්සුන් අයුරින් හැසිරුණා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍යවරයාව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම වුණු අතර හරීන් ප්‍රනාන්දු යනු මෙවර මහ මැතිවරණයෙන් ගෑස් සිලින්ඩරය යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු අපේක්ෂකයෙක්.

නමුත් ඔහුට මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52