හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිරදඬුවම් නියම වී සිටින හිටපු ඇමති නලින් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 25 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කරනවා.

මෙම පෙත්සම පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකරු වෙනුවෙන් නීතිඥ රම්සි බාචා මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධයන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට වරදකරු කළ සිය සේවා දායකයාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 30ක් සිර දඬුවමක් නියම කර තිබෙන බවයි.

එසේ තිබියදී නීතිපතිවරයා විසින් එම චෝදනා සම්බන්ධයෙන් තවත් නඩුවක් ගොනුකර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එකම චෝදනාවකට දෙවතාවක් නඩු පැවරීම නීතියට පටහැණි බවත් පෙන්වා දුන්නා.

මෙම කරුණ සම්බන්ධයෙන් සිය සේවාදායකයා මහාධිකරණ නඩු විභාගයේදී මූලික විරෝධතා මතුකළද මහාධිකරණ විනිසුරුවරයා එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

ඒ අනුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා පත්‍ර නීතියට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 25 වනදා දක්වා කල් තැබූ අතර එදින මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියම කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ඇමති නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15