හිටපු අමාත්‍ය අතාවුද සෙනවිරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය අතාවුද සෙනවිරත්න අභාවප්‍රාප්ත වෙයි.ඔහු මියයන විට 90 වන වියේ පසු වූවා.

1989 වසරේ සිට 2015 වසර දක්වා වරින්වර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ආතාවුද සෙනවිරත්න මහතා අවස්ථා ගණනාවක දී කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

1954 වර්ෂයේ දී වර්ෂයේදී මොරාණ ගම් 12 පත්තු ගම් සභාවට තේරී පත්වීමෙන් දේශපාලනයට පිවිසි අතාවුද සෙනෙවිරත්න මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1970 වර්ෂයෙදී යි.

ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් ඔහු එවර පාර්ලිමේන්තු වරම් ලබා ගන්නේ එවකට රුවන්වැල්ල ආසනය නියෝජනය කළ පී.සී ඉඹුලාන මහතා පරාජය කරමින්.

ඉන්පසු සබරගමු පළාත් සභාවට තේරී පත්වන ආතාවුද සෙනවිරත්න මහතා එහි විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළා.

ඉන් අනතුරුව 2000 වර්ෂයේ දී ඔහු සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

1989 වර්ෂයේදී නැවත වරක් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන ආතාවුද සෙනවිරත්න මහතා 2015 වසර වන තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27