spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දත් කැබිනට් රැස්වීමට

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ විශේෂ කැබිනට් මාධ්‍ය හමුව අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු දී ආරම්භ වුණා.

ජනධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ද එක්ව සිටි බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී සඳහන් කළේ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

කෙසේ වෙතත් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන මහින්ද රාජපක්ෂ ද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්ව සිටීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් විශේෂ කැඳවීමක් කළහොත් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කැබිනට් මණ්ඩල රැස්වීම පැමිණීමේ හැකියව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?