හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගැන පොලිස් විමර්ශනයක්

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව එරට පොලිසිය පවසනවා.

හිටපු අගමැතිවරයා පසුගිය සෙනසුරාදා කළ දේශපාලන කතාවකින් පසු පොලිසියට සහ අධිකරණයට තර්ජනය කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ඔහුගේ නිවසින් පිටත රැස්ව සිටින අතර, ඔහු අත්අඩංගුවට ගතහොත් රට තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ දී ඉම්රාන් ඛාන් බලයෙන් නෙරපා හැරි අතර, එතැන් සිට ඔහු රජය සහ රටේ හමුදාව දැඩි ලෙස විවේචනය කරනු ලැබුවා.

රාජද්‍රෝහී චෝදනා යටතේ රඳවාගෙන සිටින ඔහුගේ සමීපතමයන්ට වධහිංසා පමුණුවන බවට බලධාරීන්ට චෝදනා කිරීමෙන් පසු පොලිසිය ඔහු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.

පසුගිය සෙනසුරාදා ප්‍රසිද්ධ දේශනයකදී, ඉම්රාන් ඛාන් පවසා සිටියේ ඉස්ලාමාබාද් හි පොලිස් ප්‍රධානියා සහ කාන්තා විනිසුරුවරියක් රඳවා තබා ගැනීම සහ ඔහුගේ පක්ෂ සාමාජිකයින්ට අයුතු ලෙස සැලකීම හෙළා දකින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51