spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගැන පොලිස් විමර්ශනයක්

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව එරට පොලිසිය පවසනවා.

හිටපු අගමැතිවරයා පසුගිය සෙනසුරාදා කළ දේශපාලන කතාවකින් පසු පොලිසියට සහ අධිකරණයට තර්ජනය කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ඔහුගේ නිවසින් පිටත රැස්ව සිටින අතර, ඔහු අත්අඩංගුවට ගතහොත් රට තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ දී ඉම්රාන් ඛාන් බලයෙන් නෙරපා හැරි අතර, එතැන් සිට ඔහු රජය සහ රටේ හමුදාව දැඩි ලෙස විවේචනය කරනු ලැබුවා.

රාජද්‍රෝහී චෝදනා යටතේ රඳවාගෙන සිටින ඔහුගේ සමීපතමයන්ට වධහිංසා පමුණුවන බවට බලධාරීන්ට චෝදනා කිරීමෙන් පසු පොලිසිය ඔහු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.

පසුගිය සෙනසුරාදා ප්‍රසිද්ධ දේශනයකදී, ඉම්රාන් ඛාන් පවසා සිටියේ ඉස්ලාමාබාද් හි පොලිස් ප්‍රධානියා සහ කාන්තා විනිසුරුවරියක් රඳවා තබා ගැනීම සහ ඔහුගේ පක්ෂ සාමාජිකයින්ට අයුතු ලෙස සැලකීම හෙළා දකින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?