හිජාබය නොමැති කාන්තාවන් සොයන්න ඉරානය කැමරා සවි කරයි

ඉරාන ඉස්ලාමීය ජනරජය මගින් බලාත්මක කර ඇති නීති රීති උල්ලංඝනය කරනා කාන්තාවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොදු ස්ථාන අසල CCTV කැමරා සවි කිරීමට ඉරාන රජය තීරණය කර තිබෙනවා.

1979 වසරේ ඉරානය තුල සිදුවුණු විප්ලවයෙන් පසුව කාන්තාවන් මුඛ ආවරණ, හිස ආවරණ පැළඳීම මෙන්ම තම ශරීරය මුළුමනින්ම ආවරණය වන පරිදි දිග සහ ළිහිල් ඇඳුම් වලින් සරසා ගැනීම ඉරාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රධාන ප්‍රායෝගික මූලධර්මයක් සහ ශිෂ්ටාචාරමය පදනමක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එය නීතියක් වශයෙන් කාන්තාවන් පිළිපැදිය යුතු බවටයි ඉරාන බලධාරීන් තරයේ අවවාද කර ඇත්තේ.

එලෙස නීති බලාත්මක කර තිබියදීත් ඉරාන නූතන කාන්තාවන් බහුල වශයෙන් එම නීති නොසලකා හරිමින් ගමන් බිමන්වල යෙදෙන ආකාරය ආගමික නිරීක්ෂකයින්ගේ අවධානයට ලක්ව තිබෙනවා.

මින් ඉදිරියට CCTV දර්ශන මගින් විමර්ශනයට ලක්වන නීති කඩකරන කාන්තාවන්ට එවෙලේම කෙටි පණිවිඩ මගින් අනතුරු ඇඟවීම් කරන බවයි ඉරාන පොලිසිය ප්‍රකාශ කළේ.

මුහුණු ආවරණ නීතිය හෙවත් හිජාබ් නීතිය කඩ කරන කිසිවෙකුටත් නීතියෙන් ගැලවී යාමට ඉඩක් නොමැති බව ද එරට ආරක්ෂක අංශ තරයේ අවධාරණය කරනවා.

පොලිස් අත්අඩංගුවේ පසුවූ ඉරාන කාන්තා ඇඳුම් නීතිය කඩකළ කුර්දි කාන්තාවක් පොලිස් බාරයේ සිටියදී පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජීවිතක්ෂයට පත්වුනා.

ඊට එරෙහිව රටපුර පෙළගැසුණු කාන්තාවන් විරෝධතා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාවට නංවා තිබූ අතර එහි එක් පියවරක් වශයෙන් පොලිස් නියෝග නොතකා කාන්තාවන් ඇඳුම් නීතිය බහුල වශයෙන් කඩ කිරීමට පටන් ගෙන තිබෙනවා.

ඒ අනුවයි ඉරාන බලධාරීන් විසින් සිරුර සම්පුර්ණයෙන් ආවරණය නොකළ කාන්තාවන් හඳුනා ගැනීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවි කිරීම ආරම්භ කර ඇති බවට පොලිසිය නිවේදනය කර ඇත්තේ.

තම හිස ආවරණය නොකරන කාන්තාවන්ට අනතුරු ඇඟවීමේ කෙටි පණිවිඩයක් ලැබෙනු ඇතැයි පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මෙය හිජාබ් නීතියට එරෙහි ප්‍රතිරෝධය වැලැක්වීමට උපකාරී වනු ඇති බවටයි ඉරාන පොලිසිය විශ්වාසය පළ කරන්නේ.

පසුගිය සතියේ, පිරිමි පුද්ගලයෙකු නිරාවරණය නොවූ කාන්තාවන් දෙදෙනෙකුට යෝගට් විසි කරන වීඩියෝවක් අන්තර්ජාලය හරහා පුළුල් ලෙස ප්‍රචාරය වූ අතර පසුව අදාළ කාන්තාවන් හිජාබ් නීතිය යටතේ අත්අඩංගුවට ගනු ලැබුවා.

එම පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙසැම්බර් මාසයේ සිට ඉරානයේ විරෝධතාකරුවන් දහස් ගනනක් අත් අඩංගුවට ගෙන ඇති අතර හතර දෙනෙකුට මරණ දණ්ඩනය ලබා දී තිබෙනවා.

නමුත් දැඩි මතධාරීන් දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවයි.

ඉරාන කාන්තාවන් ආගමික අවශ්‍යතාවයක් ලෙස හිජාබය පැළඳිය යුතු බව පසුගිය සෙනසුරාදා ඉරාන ජනාධිපති Ebrahim Raisi නැවතත් අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14