හිඟ බදු මුදල් පියවීමට ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ඉල්ලූ කොමසාරිස්වරයෙක් හිරේට

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් එකොලොස් ලක්ෂයක පමණ හිඟ බදු මුදලක් ඉවත් කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබා ගැනීමට කටයුතු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

2025 වර්ෂයට අදාළව බදු නිෂ්කාශන වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 50,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ⁣අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (07) අත්අඩංගුවට ගනු ලැබුවා.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කළ විමර්ශන නිලධාරීන් එම නියෝජ්‍ය කොමසාරිස්වරයා පස්වරු 3.00ට පමණ අත්අඩංගුවට ගෙන තිබුණා.

පැමිණිලිකාර ව්‍යාපාරිකයා දෙමටගොඩ කොළොන්නාව පාරේ පවත්වාගෙන යන ආයතනයකට 2025 වර්ෂයට අදාළ බදු නිෂ්කාශන වාර්තාව ඉල්ලා ඇති බවත් පසුගිය වර්ෂයන් සඳහා රුපියල් ලක්‍ෂ එකහමාරක හිඟ බදු මුදලක් ගෙවීමට ඇති බව දන්වා එය ඉවත් කර එකී නිෂ්කාශන වාර්තාව ලබාදීමට රුපියල් ලක්‍ෂයක මුදලක් ඉල්ලා ඇති සැකකරු පසුව එය රුපියල් 50,000 දක්වා අඩුකර ඇති බවත් පැමිණිල්ලේ දැක්වෙනවා.

එකී රුපියල් 50,000 ක මුදලින් රුපියල් 42,000ක් ලබාගෙන ඉතිරි රුපියල් 8000 ලබාගත් අවස්ථාවේදී ජාවත්ත පාරේ පිහිටි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු නගර ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස කටයුතු කළ එකී සැකකරු අත්අඩංගුවට පත්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26