හිඟුරක්ගොඩ හෝටලයක් පිටුපස මළ සිරුරක්

හිඟුරක්ගොඩ නගරයේ වසා දමා ඇති හෝටලයක් පිටුපස තිබී මීට දින තුනකට පමණ පෙර මිය යන්නට ඇතැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මෙම හෝටලට පිටුපස පැරණි සුසාන භූමියක් පිහිටා ඇති අතර එහි තිබියදීයි මොහුගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා එම ප්‍රදේශයම පදිංචිකරුවෙක් වන අතර ඔහු මෙම සුසාන භූමියට ගියේ කුමන කරුණකටද යන්න සැකයක් පවතින බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ‍පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන අතර වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාට වරෙන්තුවක්ද තිබී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ හේරත් මුදියන්සේලාගේ අජිත් සමන්ත සෙනෙවිරත්න නැමැති 53 හැවිරිදි දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47