spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හැරී පෝටර් නිර්මාතෘවරියටත් ජීවිත තර්ජන

ලෝක ප්‍රසිද්ධ හැරී පෝටර් කතා මාලාව රචනා කළ ජනප්‍රිය ලේඛිකා ජේ.කේ. රෝලින්ග්ට ජීවිත ත්ර්ගන එල්ල වී ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දේශනයක් අතර තුර පිහි ප්‍රහාරයකට ලක් වූ සුප්‍රසිද්ධ ලේඛක සල්මන් රුෂ්ඩි වෙනුවෙන් තැබූ ට්විටර් සටහනක් හේතුවෙන් ඇයට මෙම තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

රෝලින්ග් සල්මන් රුෂ්ඩි වෙනුවෙන් තැබූ ට්විටර් සටහනට ” කරදර වෙන්න එපා මීළඟට ඔබ” යනුවෙන් පුද්ගලයෙකු ප්‍රතිචාර දක්වා තිබුණා.

මෙලෙස ප්‍රතිචාර දක්වා තිබූ මීර් අසීෆ් අසීස් නැමති පුද්ගලා පිළිබඳව කළ සොයාබැලීමක දී අනාවරණය වී ඇත්තේ ඔහු ඉරාන සහාය ලබන අන්තවාදී කල්ලියක සාමාජිකයෙකු බවයි.

මේ හේතුවෙන් ජේ. කේ. රෝලින්ගේ ආරක්ෂාව තරකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මේ අතර පිහි ප්‍රහාරයට ලක් වූ ලේඛක සල්මන් රුෂ්ඩිගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබෙනවා.

ඔහු මේ වනවිටත් ශ්වසන ආධාරක යන්ත්‍රයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

FaEDPv7WQAErySC
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?