හැමෝම කතාවෙන මන්ත්‍රීවරුන්ගේ නෞකා සංචාරය ගැන සංවිධායක කතා කරයි (වීඩියෝ)

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සිදු කළ නෞකා සංචාරය සංචාරය සම්බන්ධයෙන් එය සංවිධානය කළ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිළි කර තිබෙනවා.

ඔහු එහිදී සඳහන් කළේ මෙය නිරීක්ෂණ චාරිකාවක් වන අතර ඊට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් ඇතුලු විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද ඇරයුම් කර තිබූ බවයි.

පසුගිය සමයේ අරගල සිදු කර මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීමට සම්බන්ධ පිරිස් මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ අතර මෙම චාරිකාව අතර සිදුවූ දේ වීඩියෝ කළ පුද්ගලයා ගැන පරීක්ෂණයක් සිදු කිරීමට වරාය සභාපතිවරයාට දැනුම්දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අවසර නොමැතිව එය වීඩියෝ කර ඇති අතර සිදු කළ පුද්ගලයා හඳුනාගෙන ඇතැයි ද ඔහු සඳහන් කරනවා.

මෙලෙස මුදල් ගෙවා සංචාරකයන්ට ද නෞකාවේ ගමන් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඒ වෙනුවෙන් යන සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 3ක් පමණ වන බවත් තමා මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධාන කරනු ලැබුවේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඊයේ සඳහන් කළේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සඳහා කොළඹ වරායේ නෞකාවක සංවිධානය කර තිබූ සාදයක්‌ පිළිබඳව පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කොළඹ වරායේ නෞකාවක සිටියදී සංග්‍රහ කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියා සිටියේ කොළඹ වරායේ ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ දැනුවත්වීම සඳහා දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් සඳහා සාමාන්‍යයෙන් මෙවැනි නැව් සංචාර පවත්වන බවයි.

වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ ඉල්ලීමකට අනුව එවැනි නිරීක්ෂණ චාරිකාවක් සඳහා නැව් චාරිකාවක් සංවිධානය කළ බවයි වරාය අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.

මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි ආහාර හෝ වෙනත් කටයුතු සඳහා වියදම් කර නොමැති බව ද වරාය අධිකාරිය පැහැදිලි කර තිබෙනවා.

වරාය වෘත්තිය සමිති චෝදනා කරන්නේ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහජන මුදල් වැය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සඳහා වරාය පරිශ්‍රයේ සංචාරයක් සංවිධානය කර සාදයක් පැවැත්වූ බවයි.

වරාය පරිශ්‍රයේ අධි ආරක්ෂිත කලාපයක මෙම සාදය පවත්වා ඇති අතර, මේ පිළිබඳ කඩිනම් විමර්ශනයක් පැවැත්විය යුතු බව ඔවුන් ඉල්ලා සිටියා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50ක පමණ පිරිසක් සමඟ වරාය අධිකාරිය තුළ පෙරේදා (09) නාවික සංචාරයක් සිදු කර තිබුණා.

ඒ සඳහා ආරාධනා පත්‍රයක් ද නිකුත් කර තිබූ අතර, එහි සඳහන් කර තිබුණේ නව වසර ආරම්භයේ කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරයක් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සංවිධාන කර ඇති බවයි.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ අතර, එම සංචාරයේ හා සාදයේ වීඩියෝ දර්ශන පෙළක් ද ඔවුන් මාධ්‍යයට නිකුත් කර තිබුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඊට එක්ව සිටින ආකාරය දැක්වෙනවා. මෙම සංචාරය සිදු කර ඇත්තේ, හංසකාවා සහ දියකොවුලා නමැති යාත්‍රා ද්විත්වය යොදාගනිමින්.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය චෝදනා කළේ වරායේ නීතිරීති පවා උල්ලංඝනය කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරය හා සාදය පවත්වා ඇති බවයි.

වරාය රාජ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් එම සංචාරය සඳහා ආහාර පාන ලබාදෙන ලෙස වරාය අධිකාරියෙන් ඉල්ලීම් කර ඇති බව ද වාර්තා වුණා.

වරාය වෘත්තිය සමිති චෝදනා කළේ, මන්ත්‍රීවරුන්ගේ මෙම විනෝද චාරිකාව සඳහා වරාය මහජන මුදල් කෝටි ගණනින් වැය කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22