හැදෙනව නම් මගේ කිස් එක බලලා හරි කමක් නැහැ

ආදරවන්තයන් වෙනුවෙන් සමනලි අපුරු තෑග්ගක් ලබා දුන්නා. මෙම තැග්ග සම්බන්ධව බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. මෙම අපූරු නිර්මාණය පිළිබඳව සමනලී අපිත් එක්ක කතා කලා.

‘දෙනෝදාහක් ඇස් ඉදිරියේ
කවදාද දෙන්නේ
මං උණුහුම් හාදුවක්
කවදාද දෙන්නේ
අපි උණුසුම් හාදුවක්’

අපට කියන්න සමනලීගෙ ‘හාදුව’ ගැන. ඒ ගැන සමාජයේ බොහෝ කතාවනවා නේද?

ඇත්තටම මම හිතුවේ නැති තරමට හාදුව මිනිස්සු වැලඳගෙන තියෙනව. මං හිතන්නෙ මේ සින්දුව පොඩි කට්ටියක් එකතු වෙලා කරපු ලොකු විප්ලවයක් කියල.

තව පැහැදිලි කිරීමක් කළොත්?

යල්පැනගිය අදහස්වලින් ඔළුව පුරවගත්ත මිනිස්සු වෙනස් කරන්න හරි අමාරුයි. ඉතින් ඒ වෙනස හරි සියුම්ව මියුසික් හරහා කරන්න පුංචි උත්සාහයක් තමයි අපි මේ හරහා ගත්තෙ. ඒක හරිම ආදරණීය ඇරඹුමක්. ඒ අර්ථයෙන් තමයි මේක විප්ලවයක් වෙන්නෙ.

සින්දුවෙන් රසිකයන්ට දෙන්න උත්සහ කල පණිවිඩය ඒ විදිහටම භාරගත්ත කියල ඔබ හිතනවද?

සින්දුවේ මියුසික් වීඩියෝ එක එළියට ආවට පස්සෙ ගොඩක් අය මේක අරන් තිබුණෙ අසහනයට පත්වුණ පෙම්වතුන්ගේ ගීතයක් විදිහට වගේ. මේක ප්‍රසිද්ධියෙ කියන්න ඕනෙ දෙයක්ද වගේ අදහසකුත් ඒ කියන අය අතරෙ තිබුණ. මං හිතන්නෙ ගොඩක් දෙනෙක්ට තේරුණේ නෑ ඒ සින්දුවෙ තියෙන අවිහිංසාවාදී කෑල්ල. අපි දෙන්න උත්සාහ කරපු දේ සියයට සියයක්ම රසිකයන් භාරගත්තද කියන ප්‍රශ්නය තියෙනව.

මේ නිර්මාණය කරන්න දායක වුණ අය ගැන කිව්වොත්

සින්දුව ලිව්වෙ සුජීව හෙට්ටිතන්ත්‍රි. සුජීව එක්ක මන් කලිනුත් වැඩ කරල තියෙනව. සින්දුවෙ වචන දිහා බැලුවම මට හරිම ආස හිතුණ. අරුණ ගුණරත්න තමයි ගීතය සංගීතවත් කළේ. අරුණගෙ මියුසිකුයි, සුජීවගෙ වචනයි, මගේ කටහඬයි මේ සින්දුවෙ හොඳමට ගැළපිලා තියෙනව.

සරල බව මියුසික් වීඩියෝ එකේ පේනව?

මට මේ සින්දුවට මියුසික් වීඩියෝ එකක් කරන අදහසක් තිබුණෙ නෑ. ඉතින් බොහොම සරලව සින්දුවෙ අයිඩියා එක දෙන්න පුළුවන් වැඩක් කරන්න තමයි උත්සාහ කළේ. මේක අධ්‍යක්‍ෂණය කළේ තිසර ඉඹුළාන. අහිංසකත්වය මූලික කරගෙන බහුශ්‍රැත, බහුභූත සංකීර්ණ දේවල් නැතුව ඉතාම සරලව වැඩක් කරන්න ඕනෙ කියන අදහස තමයි අපිට තිබුණෙ. මේ හරහා මිනිසුන්ට තමන් ගැනම වරදකාරී හැඟීමක් ඇති වෙනව ඇයි පෙම්වතුන්ට මෙහෙම වෙලා තියෙන්නෙ කියන කාරණය ගැන. ඒ අදහස් ඉතාම සරලව දෙන්න ගත්ත උත්සාහයක් තමයි මේ මියුසික් වීඩියෝ එක.

ඔබ එයින් අදහස් කරන්නෙ පෙම්වතුන්ට සමාජයෙන් ලොකු අසාධාරණයක් වෙනව කියන එකද ?

සමාජය තුළ පෙම්වතුන්ට ලැබෙන ඉඩ, ගෞරවය, ඔවුන්ට දෙන පිළිගැනීම නිසි පරිදි ලැබෙනවද කියන ප්‍රශ්නය තියෙනව. පෙම්වතුන් දෙදෙනෙක් දිහා අපි බලන විදිහ, ඔවුන්ට නිදහස අපි ලබාදෙනවද කියන දේ ගැන ඇත්තටම අපිට අදහසක් තියෙනවද කියල හිතෙනව. දෙන්නෙක් ආදරය කරනව කියන එක දැකපු ගමන්ම අපි ඒක ගැන කතා කරන්නෙ සෙක්ස් මූලික කරගෙන. ඇයි අපි ඒක එතැනින් විතරක් අල්ලන්නෙ. ආදරය, කරුණාව, දයාව, අවිහිංසාවාදය කියන හැම දෙයක්ම ආදරය තුළ තියෙනවනෙ. ඒ වුණාට අපි අල්ලගන්නෙ ඒකෙ සෙක්ස් කියන කාරණය විතරයි. අපේ අය ආදරය, කරුණාව, දයාව කියන දේවල් ගැන කතා කරන්නෙ දානයක් දෙන, පින්කමක් කරන කාරණාවලදි විතරයි. ඒ ගුණාංග පෙම්වතුන් අතර තියෙනව කියන එක දකින්න සමාජය කැමැති නෑ. ඒක තමයි මේ සමාජයෙ අපි දකින ලොකුම දුර්වලතාවය.

ඔබ ඔය කියන ‘සෙක්ස්’ කියන කෑල්ල අල්ලගෙන නේද සමාජ මාධ්‍ය හරහා සින්දුවට ප්‍රචාරය ලැබුණේ?

සමාජ මාධ්‍ය තුළ මොන විදිහට ප්‍රචාරය කරල තිබුණත් ඔවුන් ගීතය බැලුවට පස්සෙ නතර වෙන්නෙ එතැන නෙමෙයි. ඒ හැමෝම පාස් කරන් ආපු ජීවිතය ඒ සින්දුව තුළ කතා කරල තියෙනව. මධ්‍යම පාන්තික ජීවිත ගත කරන අය විදිහට අපි බහුතරයක් පෙම්වතුන් විදිහට ඔය ප්‍රශ්නවලට මුහුණදීල තියෙනව. ධනවත් මිනිසුන්ට ඔය ප්‍රශ්නයට මුහුණදෙන්න වෙලා නැතුව ඇති. ඒගොල්ලන්ට ඕන තැනක ඕන දෙයක් කරගන්න පුළුවන්නෙ. තවමත් ලංකාවෙ බහුතරයක් ඉන්නෙ බස් එකේ ගිහින් ලව් කරන පිරිසක්. ලංකාවේ සියයට අසූවකටම මේ ප්‍රශ්නයට මුහුණදෙන්න වෙලා තියෙනවා. සමාජ මාධ්‍යවල ගහල තියෙන ඒව බලල මගේ කිස් එක බලන්න ගිහිල්ල පස් දෙනෙක් හරි වෙනස් වෙනව නම් මට ඒ ඇති.

20210220Samanali 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23