හැදූ වැඩූ මවට අත ඉස්සූ පුතණ්ඩියා අත්අඩංගුවට

තම මවට අමානුෂික අන්දමින් ඇයගේ පුත්‍රයා විසින් පහරදෙනු ලැබීමේ පුවතක් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ අලුත්ගම – පාදාගොඩ – පිංහේන ප්‍රදේශයෙන්.

එම ප්‍රදේශයේ පිහිටි තම නිවසේ පදිංචි ව සිටි 72 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකට ඇයගේ වැඩිමහල් පුත්‍රයා විසින් ඊයේ රාත්‍රියේ දී පහර දී තර්ජනය කර ඇති බවයි පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ (119) හදිසි ඇමතුම් අංශය එම පැමිණිල්ල අලුත්ගම පොලිසිය වෙත දැන්වීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ අලුත්ගම පොලිසිය සැකකාර පුත්‍රයා ව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමට ලක් වූ වයෝවෘද්ධ මව මේ වනවිට රෝහල්ගත කර ඇති බවත්, ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරු මීට පෙර ද මෙම මවට පහර දී තර්ජනය කිරීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලද අයෙක් බවයි.

මෙම වයස්ගත කාන්තාවට කථනාබාධ සහිත බාල පුත්‍රයෙකු සිටින බවත්, ඔවුන් ජීවත් වන කුඩා නිවස සහිත ඉඩම් කැබැල්ලට දිගු කලක පටන් ඇති ආරවුලක් මුල් කරගනිමින් සැකකරු විසින් මවට පහර දී ඇති බවත් වාර්තා වනවා.

සැකකරු ව අද කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21