හැත්තෑ වසරකට පසු සෞදියට මත්පැන් අලෙවිසැලක්

වසර 70කට පසු සෞදි අරාබියේ මත්පැන් අලෙවිසැලක් විවෘත කර තිබෙනවා.

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ Vision 2030 යටතේ සෞදි සමාජය ලිබරල් කිරීම සඳහා වන වැඩපිළිවෙළට සමගාමීව මෙම මත්පැන් අලෙවිසැල පසුගිය 24 වනදා රියාද් හි විවෘත කරන ඇති බවයි වාර්තා වුණේ.

මෙම මත්පැන් අලෙවිසැලෙන් මුස්ලිම් නොවන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පමණක් මත්පැන් මිල දී ගැනීමේ හැකියාව සලසා දී තිබෙනවා.

මෙලෙස විවෘත කළ මත්පැන් අලෙවිසැලෙන් වයස අවුරුදු 21ට අඩු කිසිවෙකුටත් මත්පැන් අලෙවි නොකරනවා සේම ඊට ඇතුළු වීමටවත් අවස්ථාව හිමි වන්නේ නැහැ.

මෙමඟින් සේවාව ලබාගන්නේ නම් අවුරුදු 21ට ඉහළ පුද්ගලයින් ඊට ලියාපදිංචි වී රජයෙන් අවසර ලබාගත යුතු වීමට විශේෂත්වයක්.

අබ්දුල්අසීස් රජුගේ පුත්‍රයෙකු බීමතින් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු 1952 වසරේ සිට සෞදි අරාබිය තුළ මත්පැන් තහනම් කිරීම කටයුතු කළා.

1951 වසරේ පැවති උත්සවයක දී තවත් පානයක් වත් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මිෂාරි බින් අබ්දුල්අසීස් අල්-සෞද් නම් කුමාරයා, ජෙඩා හි බ්‍රිතාන්‍ය උප කොන්සල්වරයා වූ සිරිල් ඔස්මාන් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

සෞදි අරාබි නීතියට අනුව මත්පැන් පානය කිරීම හෝ ළඟ තබා ගැනීමට සිරගත කිරීම, ප්‍රසිද්ධියේ කස පහරදීම සහ පිටුවහල් කිරීම මෙන්ම දඩ නියම කිරිම වැනි දඬුවම්වලට ලක්විය හැකි වරදක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51