හැටන් බස්රථ අනතුරෙන් තුවාල ලැබූ 08 දෙනෙකුගේ තත්ත්වය බරපතළයි (ඡායාරූප)

හැටන් බස් අනතුරෙන් තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි තවත් රෝගීන් 08 දෙනෙකු නාවලපිටිය සහ මහනුවර ශික්ෂණ රෝහල් වෙත මාරුකර යවා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම රෝගීන්ගේ තත්ත්වය ජීවිත අවදානමක පවතින බවයි.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් හැටන් – මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී ඉකුත් (21) වැනි දින මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට පෙරලීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරින් 53 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් එදින ම දික්ඔය මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් අසාධ්‍යය තත්ත්වයේ පසුවූවන් අටදෙනෙකුයි මෙලෙස වෙනත් රෝහල් වෙත මාරුකර යවා ඇත්තේ.

අනතුරින් අසාධ්‍යය තත්ත්වයේ පසුවන කුඩා දරුවෙකු ද සිටින බවත් පැවසෙනවා.

අනතුරෙන් තුවාල ලැබු බස් රථයේ රියදුරා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, බස් රථයේ කොන්දොස්තරවරයා ඇතුළු තවත් තුවාලකරුවන් 25 දෙනෙකුට ආසන්න පිරිසක් තවදුරටත් දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සෙසු තුවාලකරුවන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි දික්ඔය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුල් කුමරන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

අනතුරෙන් මියගිය හැටන් වත්තේ පදිංචිව සිටි අවුරුදු 14 ක් වයසැති දේවරාජ් දිනේෂ් කුමාර් දරුවාගේ අවසන් කටයුතු ඔහුගේ විදෙස්ගත මව යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව සිදු කෙරෙනවා.

එම අනතුරෙන් මියගිය නොර්වුඩ් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 67ක් වන එම්.මුත්තුරාකු නමැති කාන්තාවගේ අවසන් කටයුතු අද (23) දින නොර්වුඩ් වත්ත පොදු සුසාන භුමියේ දී සිදු කරන බව ඇයගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කරනවා.

බස්රථය අනතුරට පත්වීමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් බස් රථයේ ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කිරිමේ දී එහි දර්ශන මකා දමා ඇති බවත්; පොලිස් තොරතුරු කොට්ඨාසය මගින් එහි දර්ශන කිහිපයක් ප්‍රතිස්ථාපනය කර ඇති අතර, එම දර්ශනවලට අනුව බස් රථයේ රියදුරා එක් අතකින් බස් රථය ධාවනය කරන බවත්, එක වරම බස් රථයේ රියදුරු දොරටුව විවෘත වීමත් සමග එම දොර වැසීමට රියදුරු උත්සහා කිරීමේ දී රියදුරා අසුනෙන් අතුරුදන් වන ආකාරයක් බවත් වාර්තා වනවා.

ආරක්ෂිත කැමරා පද්ධතියේ සෙසු දර්ශන ප්‍රතිස්ථාපනය කිරීමට පොලිස් තොරතුරු කොට්ඨාසය කටයුතු කරමින් සිටින බව හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසුවා.

05 scaled
02 2 1
04
01 1 1
01 2
01 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23