හැටන් ප්‍රපාතයට පෙරලුනු බස් රථය

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන යමින් සිටියදී, සලංකන්ද-හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී බස් රථයක් අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තවත් පුද්ගලයන් 9 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

පොලිසිය සැකපළකරන්නේ අධික වේගය හේතුවෙන් රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටය.

අනතුරින් පසුව රියදුරා පැනගොස් ඇති අතර හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46