හැටන් කොළඹ මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා වෙයි (ඡායාරූප)

පස් කන්දක් කඩා වැටීමෙන් ඇණ හිට තිබූ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය එක් මංතීරුවකට සීමා කරමින් විවෘත කර තිබෙනවා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු අද පස්වරුවේ සිට එක් මං තීරුවකට සිමා කර ඇති බවයි ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේ.

ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රී 7.45ට පමණ ප්‍රධාන මාර්ගයට විශාල මාර ගසක් සමග පස් සහ ගල් පෙරලීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (08) දහවල් දක්වා සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවනය කරන සියළුම වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.

ප්‍රධාන මාර්ගයට පෙරලී ඇති ගලක් පුපුරවා ඉවත් කිරීමට ද සිදුවන බැවින් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතිරුවකට සිමා කල බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27