හැටන් කොටගල ප්‍රදේශයේ හෝටලයක අභිරහස් මරණයක්

සංචාරයක් සඳහා හැටන් ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙක් කොටගල ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින් සොයා ගෙන ඇති බවට වාර්තාවනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි රියන්සි පිල්ලේ නැමති (60) හැවිරිදි පුදගලයෙක් බවයි දිඹුල පතන පොලිසිය පවසන්නේ.

ඊයේ (05) දින පස්වරුවේ තම මිතුරෙක් සමඟ හෝටලය වෙතට පැමිණි මෙම පුද්ගලයා එම සංචාරක හෝටලය තුළ තම මිතුරා සමග මත්පැන් පානයකර තිබෙන අතර ඉන්පසු ඔහු හෝටලය තුළ බිම වැටෙන ආකාරය හෝටලයේ සවි කර ඇති ආරක්ෂක කැමරාවේ සටහන් වී තිබෙනවා.

කෙසේ නමුත් ඔහු යළිත් නැගිට කාමරය වෙත ගොස් ඇති අතර අද (06) දිනයේ උදෑසන එම පුද්ගලයා අවධි නොවූ නිසා
ඇති වූ සැකය මත හෝටලයේ සේවකයෙක් විසින් ඒ පිළිබද දිඹුල පතන පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවයි පැවසෙන්නේ.

පොලිසිය පැමිණ කාමරය ඇතුළත සිදුකළ පරික්ෂා කිරිමේදි ඔහු කාමරය තුළ මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් ස්ථාන පරීක්ෂණය අද (06) පස්වරුවේ පැවැත් වූ අතර, එහිදි මහේස්ත්‍රාත්වරයා, සිරුර දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කළා.

පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39