හැකියාව ව්‍යාපාරයකට පෙරළා ගත් රූමත් චිත්‍ර ශිල්පිනිය

ශාමෙන් වෝකර් දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. ආලේඛ්‍ය සිතුවම්කරණය (Portrait) හරහා ඇයව මේ වනවිට ලංකාවේ සහ ජාත්‍යන්තරව හඳුනන ශිල්පිනියකි. සිය හැකියාව ව්‍යාපාරයක් බවට පෙරළා ගන්නා ශාමෙන් Gift From walker නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මේ කතාබහ ඇය සමගිනි.

ඔබ චිත්‍ර කලාවට පිවිසෙන්නේ කොහොමද?

මම සාමාන්‍ය පෙළට චිත්‍ර හැදෑරුවාට උසස් පෙළට කළේ ව්‍යාපාර අධ්‍යනය. උසස් අධ්‍යාපනය හැදෑරුවෙත් ව්‍යාපාර කළමණාකරණය. ඒ වුණාට මම 2011දි වගේ චන්ද්‍රගුප්ත තේනුවර සර්ගේ විභවි ඇකඩමියට යනවා. එතන ඉඳලා තමයි නැවතත් චිත්‍ර අඳින්න පටන් ගන්නේ.

ඔබ ආලේඛ්‍ය සිතුවම්වලට වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි?

ඔව්. මම චන්ද්‍රගුප්ත සර්ගෙන් මූලික දේවල් ඉගෙනගන්න කාලේ මට තේරුණා මට පොඩි පොඩි ඩීටේල්ස් හොඳට අඳින්න පුළුවන් කියලා. ගස් එහෙම අඳිද්දි ඒ ගස්වල තිබෙන පොඩි ඩීටේල්ස් මට අඳින්න පුළුවන්. Portrait අඳිද්දි ඩීටේල්ස් අඳින එක ඉතා වැදගත්. මට කොණ්ඩා ගස්, හමේ තිබෙන පොඩි පොඩි ඩීටේල්ස්, මුහුණේ තිබෙන ඩීටේල්ස් මට හොඳට අඳින්න පුළුවන්. ඒ හික්මීම, ඉවසීම මට තිබෙනවා කියලා මම හිතනවා. පැන්සලෙන් ආලේඛ්‍ය සිතුවම් අඳින ඉස්සරහට ගෙන ආවේ එතනින් තමයි.

Gift From walker ව්‍යාපාරය පටන්ගන්නේ කොහොමද?

2013 – 2014 කාලේ ඉඳලාම වගේ මම සමනලී ෆොන්සේකා, සනත් ජයසූරිය වගේ ප්‍රසිද්ධ චරිතවල Portrait ඇන්දා. ඒත් මම ව්‍යාපාරයක් විදිහට මේක ලියාපදිංචි කරලා පටන්ගන්නේ 2016දි. එතන ඉඳලා තමයි කේක්, මල් ඇතුළුව ගිෆ්ට් පැක් එකක් විදිහට දෙන්න පටන්ගන්නේ 2016දි තමයි.

චිත්‍රවලින් ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ චිත්‍ර කියන කලාව විකිණිය හැකිද?

පුළුවන්. මම පටන් ගන්න කාලේ ලංකාවේ පැන්සලෙන් අඳින Portrait වලට ලොකු මාර්කට් එකක් තිබුණේ නැහැ. එතකොට මමත් විකුණන්න පටන්ගත්තේ හරිම පොඩි ගාණකින් තමයි. මම මේක පටන්ගත්තු කාලේදි මම දැක්කා ලංකාවෙන් එළියේ විදෙස් ශිල්පීන්ට, පැන්සලෙන් අඳින ආලේඛ්‍ය සිතුවම්වලට ලොකු තැනක් තිබෙනවා කියලා. ඔවුන්ට ලොකු නමක් තිබෙනවා. ඔවුන් ලොකු වැඩ කරනවා. ලොකු මාර්කට් එකක් තිබෙනවා. ඒක දැකලා තමයි මමත් මෙහෙම වැඩක් පටන්ගත්තේ. ඊටපස්සේ මම කල්පනා කළා මේක කොහොමද ලංකාවේ ඇතුළේ මගේ නම හදාගන්නේ, මාර්කට් එක හදාගන්නේ කියලා. එතනදි මට ඇත්තටම මම ඉගෙනගත්තු ව්‍යාපාර කළමණාකරණය විෂය උදව් වෙනවා. ඊටපස්සේ තමයි මම මේකේ මාර්කටින් පැත්ත හිතන්නේ. ඔය කාලේදී තමයි ලංකාවේ ඔන්ලයින් මාර්කට් එක හැදීගෙන එන්නේ. මට ඒ දැනුමත් තිබුණා. ඒ හැමදෙයක්ම එකතු කරලා ෆේස්බුක් එකෙන් මම මගේ චිත්‍ර විකුණන්න පටන්ගත්තා. මේ අවුරුද්ද තමයි අපේ බිස්නස් එකේ හොඳම අවුරුද්ද. පහුගිය කොවිඩ් වසංගතය සමග ගොඩක් ව්‍යාපාර වැටුණානේ. අපි ඒ වැටෙන ප්‍රශ්න හඳුනාගෙන අපේ බිස්නස් එක දියුණු කරගත්තා.

ආලේඛ්‍ය සිතුවම් අඳින්නේ ඔබ පමණද?

ඔව්. මගේ අතින් තමයි හැම ගිෆ්ට් එකකම Portrait නිර්මාණය වන්නේ.

ඔබ ජනප්‍රිය පුද්ගලයින්ගේ ආලේඛ්‍ය සිතුවම් කර තිබෙනවා. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

ඔව්. මම මුලින්ම ඇන්දේ සමනලී ෆොන්සේකා අක්කාව. එයාව මුලින්ම ඇන්ද නිසා තමයි මට මේ ගමන මේ තරම් දුර එන්න පුළුවන් වුණේ. මම එයාව ඇඳපු වෙලාවේ එයා ඒක ෆේස්බුක් එකේ දාලා මට තෑන්ක් කරලා සහයෝගයක් දුන්නා. එයාගේ රසික පිරිසක් මගේ රසිකයෝ වගේ වුණා. ඒ හරහා මගේ ව්‍යාපාරය ගොඩක් දියුණු වුණා. ඊට අමතරව සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, සංගක්කාර වගේ ක්‍රීඩකයෝ, නළු නිළියෝ, දේශපාලඥයින් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින්ව මම ඇඳලා තිබෙනවා. මම හිරු නාලිකාවේ සජීවී වැඩසටහනක් කළා පැය භාගයක් ඇතුළත ඒ වැඩසටහන එන කලාකරුවාව මම පැන්සලෙන් අඳින. ඒ හරහා මම ලංකාවේ ජනප්‍රිය පුද්ගලයින් විස්සකට වැඩිදෙනෙකුව ඇඳලා තිබෙනවා. මට මේ ගමන එන්න ඒ දේවල් ලොකු සහයක් වුණා.

ව්‍යාපාරය මේ තරම් දුර එයි කියලා ආරම්භයේදී හිතුවද?

නැහැ. මොකද ලංකාවේ ඒ වෙද්දිවත් මට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් තැනක් තිබුණේ නැහැ. අනෙක කාන්තාවක් විදිහට මේ ක්ෂේත්‍රයේදී උඩට එන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. හැබැයි මට බලාපොරොත්තුවක් තිබ්බා මම මේ දන්න දෙයින් මම උපරිම දුර යනවා කියලා. මේක මගේ ජීවනෝපාය කරගන්නවා කියලා. මොකද මට 8 – 5 රැකියාවක් කරන මනසක් තිබුණේ නැහැ. ඒ අකමැත්ත නිසා තමයි මම මේක ව්‍යාපාරයක් විදිහට දියුණු කරන්න මහන්සි වෙන්නේ.

පහුගිය අවුරුදු තුනේදි මගේ Portrait ලංකාවෙන් එළියට ගෙනගියා. අපිට විදේශීය ඇනවුම් එන්න ගත්තා. අපිට රටවල් 20 – 25කට විතර දැනට Portrait යවලා තියෙනවා. සමහර වෙලාවට කේක්, මල් පවා යවලා තිබෙනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක අපි ව්‍යාපාර කටයුතු ලංකාවට වඩා ජාත්‍යන්තරයට ගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳව වැඩියෙන් හිතනවා. මේක ජාත්‍යන්තරයට ගෙනයන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ව්‍යාපාරිකාවක් වගේම මම අසරණ පවුල්වලට, ළමයින්ට ඉගෙනගන්න උදව් කරනවා. ඒ දේවල් ලබන අවුරුද්දටත් කරන්න බලාපොරොත්තු වෙනවා.

සාකාච්ඡා – කැළුම් දේවින්ද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13
Video thumbnail
ජනපති කාටත් නොකියා ඇවිත් මතුගම පල්ලියකට රිංගලා ගිහිල්ලා - බුදුහාමුදුරුවෝ බලල ගියානම් වටිනවනේ
01:50