හාල් පොල් මිල අඩු කරන්නා සේ ඉන්ධන මිල දේශීය මැදිහත් වී පහළ දැමීමට අසීරු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඉන්ධන මිල අඩු කිරීමට තමන්ද කැමති නමුත් ඉන්ධන යනු ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග තිබෙන ගණුදෙනුවක් යයිද ඒ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.
මෙරට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් හය දහසක් සේවය කරන බවද පැවසූ ඔහු ලෝකයේම ඉන්ධන පාලනය සිදුවන ඔපෙක් සංවිධානයේ ඉන්නේ සේවකයන් තුන්සීයකට අඩු පිරිසක් බවද සඳහන් කළේය.














lankaawe wadata wada sewakayo hama thanama !! ekane ey gollanta ‘aragala’ ‘warjana’ karanna ona tharam kaalaya thiyenne. diyunu ratawala lokuma wadakata pawa inne ekkenek dennek witharayi