හාල් කිලෝව රුපියල් 300ට යයි ද ?

යල කන්නයයේ දී සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක් අවශ්ය වනවා.මහ කන්නයේ දී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් නිපදවිය යුතු අතර සම්පූර්ණ එකතුව වශයෙන් ශ්‍රී ලංකාවට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 50ක් අවශ්‍ය බව පැවසෙනවා.

මේ කතා බව ගොඩ නැගෙන්නේ යල කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 18 සම්බන්ධවයි. වී මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක් කියන්නේ ආසන්න වශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක පමණ ප්‍රමාණයක්.
නමුත් පාළන තන්ත්‍රයේ දුර්වල තීරණ නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ සියලුම වී මෙන්ම එළවලු පළතුරු අස්වනු ද ඉතා පහල අගයක් ගනිමින් තිබෙනවා.ඒ අනුව ගතහොත් ආසන්න වශයෙන් මෙවර යල කන්නයේ අස්වැන්න සීයට පනහකින් පමණ හානි වී ඇති බවට අපට අනුමාන කල හැකියි.
එලෙස ගත් විට මෙවර යල කන්නයෙන් අප අපේක්ෂා කළ හැක්කේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක්.එවිට සහල් ප්‍රමාණය ආසන්නව මෙට්‍රික් ටොන් 6ක් බවට පත් වෙනවා.

image 59
යූරියා පොහොර

ඉතින් මේ සටහනේ මූලිකවම කතා කරන්න සූදානම් වෙන ලොකුම කාරණාව මේ අස්වැන්න අඩු නිසා ඔබට මට ඉදිරියේ දී මුහුන දෙන්න වෙන ප්‍රශ්ණ දෙකක් ගැනයි

පළවෙනි ගැටලුව තමයි අපිට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක් ආනයනය කරන්න සිද්ධ වෙනවා.ඒකට මුදල් සොයා ගන්න එක ගැන අපි වෙනම ම හිතන්න වෙනවා.

ඒ එක්කම අපිට එන දෙවන ගැටලුව තමයි , 50% කින් අස්වැන්න අඩු වුණත් ගොවියන් ජීවත් වෙන්න අවශ්‍යයයි.ඉතින් ඉතිරි අස්වැන්නෙන් ඔවුන්ට කලින් ලැබුණු ආදායම ගන්න නම් කොහොමත් වී විකුණන්න වෙන්නේ දෙගුණයක වැඩි මිලකට.

උද්ධමනය වගේ කාරණා සියල්ලම අමතක කරලා අපි කතා බහ දිගටම අරන් ගියොත් ඔබට තේරෙනවා ඇති මේ පොහොර ගැටළුව ඔබටත් මටත් කරලා තිබෙන විනාශය.බාගයක් විනාශ වුණු අස්වැන්නෙන් ගොවියන්ට සිද්ධ වෙනවා ඔවුන්ගේ පෙර ලැබූ ආදායම ලබා ගන්න.

සරල උදාහරණයකින් පැහැදිලි කරොත් කලින් නාඩු වී කිලෝවක් රුපියල් 100ක් වුණා නම් මේ කන්නයේ දී ඒක 200කට විකුනන්න වෙනවා.වී මිල 200කට ගියොත් ආසන්නව සහල් මිල 300කට ආසන්න ගානක කොහොමත් කිට්ටු වෙනවා.මොකද ලංකාවේ මෝල් හිමියන්ගේ වෙනම ම බල පරාක්‍රමයකුත් තියන නිසා.

image 62
වී බුසල || සහල් මනින ආකාරය

කොහොමින් හෝ සහල් ආනයන කරොත් හෝ ආධාරයක් ලැබුනෝතින් අඩුම තරමින් අපේ ජනතාවට කන්න හරි අඩුවට සහල් ලැබේවී.නමුත් ගොවීන් නම් නන්නත්තාර වේවී.

එහෙම නොවුනොත් වෙන ලොකුම ප්‍රශ්නය රුපියල් 300ක් දීලා හාල් කන්න පුලුවන් කී දෙනෙක් මේ ලංකාවේ ඉතිරි වෙයිද කියන එක…
මේක මැජික් එකක් නෙමෙයි.මේ තනිකරම අංක සහ සරල ගණිතය.
මෙකේ ලොකුම හානිය මේ යල කන්නය නෙමෙයි එළැබෙන මහ කන්නය.ඉදිරියට යන්න් යන්න පිටින් හාල් ගෙනාවොත් පොඩි මුදලක් අඩුවෙන් කන්න පුලුවන් වෙයි.නමුත් උද්ධමනය සමග ඒකත් දරාගන්න බැරි මුදලකට ඉහල යාවී.ඒ වගේම පිට රටින් එන සහල් එක්ක තරග කරන්න බැරි අපේ රටේ ගොවීන් හැඳි ගෑවිලා යාවී..

මේකට වග කියන්න ඕනේ මිනිස්සුන්ගෙන් සමහරක් නම් මේ වෙද්දි මේ කොදෙව්ව අතෑරල ගොඩක් දුරකට ගිහින්.නමුත් ඔබට මට වගේම හෙට උපදින කිරි කැටියටත් මේකට මුහුණ දෙන්න වෙනවා.

image 60
හාල් කැඳ || කුඩා බිළිඳුන්ට ලබා දීමට සාදන ආහාර

ඇත්තම කියනවා නම් සමහර ඉල්ලකම් වලින් හෙළිවෙන ඇත්ත කතාවට මුහුන දෙන්න තරම් සාමාන්‍ය රස්සාවක් කරන ඔබයි මමයි ශක්තිමත් නැහැ.
සමහර විට කෙනෙක් හිතනවා නම් මට මුකුත් වෙන එකක නැහැ ,මට බිස්නස් තියනවා , මම ලොකු මිනිහෙක් කියලා…,
අද දිනයත් එක්ක ලියලා තියා ගන්න.මේ අර්බුධය ඉදිරියටම ගිහින් පොඩි මිනිස්සු සියලු දෙනාම පොඩි පට්ටම් කරගෙන ගිහින් ඔබේ ඉස්සරහා දොරට තට්ටු කරන දවසත් වැඩි ඈතක නැහැ.

එදාට ඔබ වෙනුවෙන් උදව් කරන්නත් කෙනෙක් නැති වෙන්න පුලුවන්…..

image 61
ඉන්දියාවේ මන්ද පෝෂනයෙන් පීඩා විදින දරුවෙක්


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40