spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හසරංගට පළමු තැන අහිමිවෙයි…

ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය ශ්‍රී ලංකාවේ වනිදු හසරංගට අහිමි වී තිබෙනවා.

අද(16) නිකුත් කෙරුණු නවතම අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු තෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු 20යි 20 තරග දෙකේ දී වනිදු කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ නමුත්, ඔහුට තෙවැනි 20යි 20 තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුණේ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවන්.

මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය යළි හිමි කර ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි.ඔහුට ශ්‍රේණිගත ලකුණු 784ක් හිමිව ඇති අතර, වනිදුට හිමිව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 760ක් පමණයි.

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ තිබීම ද විශේෂත්වයක්. ඒ, ශ්‍රේණිගත ලකුණු 783 ක් හිමි කර ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?