spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හලාවත සැක කටයුතු මරණයක්

ගෙලෙහි කැපුම් තුවාල සහිතව සැක කටයුතු ලෙස මිය ගොස් සිටි අයෙකුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

තම පියා නිවස තුළ බිම වැටී මරණයට පත්ව ඇති බව මිය ගොස් ඇති පුද්ගලයාගේ පුතා විසින් ඊයේ (15) සවස හලාවත පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇත්තේ.

මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් සදහන් කිරීමෙන් අනතුරුව හදිසි මරණ පරීක්ෂක කැඳවා මූලික විමර්ශණයක් සිදු කර තිබෙනවා.

අනතුරුව හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත මියගිය පුද්ගලයාගේ සිරුර හලාවත මහා රෝහලට රැගෙන ගොස් තිබුණා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට සුදානම් වන අවස්ථාවේදී මිය ගොස් සිටි පුද්ගලයාගේ ගෙල ප්‍රදේශයේ තිබු කැපුම් තුවාලයක් හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් විමර්ශණ කටයුතු සිදු කරන ලෙස පොලිසියට දැණුම් දුන් වෛද්‍යවරයා පශ්චාත් මරණ පරීක්ෂණය පසුවට කල් තැබුවා.

මියගොස් ඇත්තේ හලාවත, මානුවන්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු කාලයක සිට කිසියම් මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවට හඳුනා ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

සියතින්ම ගෙල කපා ගෙන සිය දිවි හානි කර ගත්තා ද එසේත් නැත්නම් කිසියම් අපරාධයක් සිදුවී ඇති ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණ කටයුතු සිදු කරනවා.

මිය ගොස් ඇති පුද්ගලයාගේ ගෙළ ප්‍රදේශයේ ඇති කැපුම් සළකුණට අදාළ ආයුධය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර වැඩිදුර විමර්ශණ කටයුතු ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?