හලාවත සැක කටයුතු මරණයක්

ගෙලෙහි කැපුම් තුවාල සහිතව සැක කටයුතු ලෙස මිය ගොස් සිටි අයෙකුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

තම පියා නිවස තුළ බිම වැටී මරණයට පත්ව ඇති බව මිය ගොස් ඇති පුද්ගලයාගේ පුතා විසින් ඊයේ (15) සවස හලාවත පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇත්තේ.

මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් සදහන් කිරීමෙන් අනතුරුව හදිසි මරණ පරීක්ෂක කැඳවා මූලික විමර්ශණයක් සිදු කර තිබෙනවා.

අනතුරුව හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත මියගිය පුද්ගලයාගේ සිරුර හලාවත මහා රෝහලට රැගෙන ගොස් තිබුණා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට සුදානම් වන අවස්ථාවේදී මිය ගොස් සිටි පුද්ගලයාගේ ගෙල ප්‍රදේශයේ තිබු කැපුම් තුවාලයක් හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් විමර්ශණ කටයුතු සිදු කරන ලෙස පොලිසියට දැණුම් දුන් වෛද්‍යවරයා පශ්චාත් මරණ පරීක්ෂණය පසුවට කල් තැබුවා.

මියගොස් ඇත්තේ හලාවත, මානුවන්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු කාලයක සිට කිසියම් මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවට හඳුනා ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

සියතින්ම ගෙල කපා ගෙන සිය දිවි හානි කර ගත්තා ද එසේත් නැත්නම් කිසියම් අපරාධයක් සිදුවී ඇති ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණ කටයුතු සිදු කරනවා.

මිය ගොස් ඇති පුද්ගලයාගේ ගෙළ ප්‍රදේශයේ ඇති කැපුම් සළකුණට අදාළ ආයුධය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර වැඩිදුර විමර්ශණ කටයුතු ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28