Update – හලාවත වෙඩි තැබීමක්

හලාවත, විලත්තාව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

සැමියා විසින් සිය බිරිඳට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි හලාවත පොලිසිය සඳහන් කළේ.

වායු රයිෆලයකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීමෙන් පසු එම පුද්ගලයා ද ගෙළ වැළලාගෙන සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

දෙදෙනාම මේ වනවිට හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.