හලාවත රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට පහර දුන් බව කියන පුද්ගලයින් දෙදෙනෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහර කෑමට ලක්වූ බව කියන ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු ප්‍රතිකාර සදහා එම රෝහලටම ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත, කරවිට සහ ඉනිගොඩවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඊයේ (14) රාත්‍රී 7.10ට පමණ බීමතින් පැමිණි පුද්ගලයෙකු රෝගියෙකු බැලීමට අවශ්‍ය බව පවසා රෝහලට ඇතුළු වීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී රෝහලේ ප්‍රධාන දොරටුව අසල රාජකාරි කරමින් සිටි ආරක්ෂක නිලධාරීන් ඊට අවසර
ලබා දී නොමැති අතර, එම අවස්ථාවේදී ඇති වූ බහින් බස්වීමෙන් අනතුරුව ගැටුම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted