හලාවත මෝය කට ආසන්නයේ උණුසුම් තත්ත්වයක් – කාන්තාවක් ගිනි තබාගැනීමටත් උත්සාහ කරලා (ඡායාරූප)

හලාවත – දැදුරුඔය මෝය ආසන්නයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සදහා වෙරළ සංරක්ෂණ දොර්තමේන්තුවේ නිලධාරීන් කළ උත්සාහ ප්‍රදේශයේ ධීවරයින්ගේ දැඩි විරෝධය හමුවේ අතර මග නතර කර දැමීමට එම නිලධාරීන්ට සිදු වුණා.

අද (29) පෙරවරුවේ මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති වූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

දැදුරුඔය මුහුදට වැටෙන හලාවත – මෝය ආසන්නයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානවල පදිංචිව සිටින පිරිස් වෙත මීට පෙර දන්වා තිබුණා.

නමුත් එම දැණුම්දීම නොතකා තව දුරටත් මෝය ආසන්නයේ ඉදිකර ඇති ස්ථීර ගොඩනැගිලි කීපයක පුද්ගලයින් කීපදෙනෙකු රැදී සිටින බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හදුනාගෙන තිබෙනවා.

එලෙස අනවසරයෙන් රැදී සිටින පිරිස් ඉවත් කිරීම සදහා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව එම ස්ථානයට ගිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රදේශයේ ධීවරයින්ගෙන් එල්ල වූයේ දැඩි
විරෝධයක්.

වසර 40 කට වැඩි කාලයක් තමන් මෙම ස්ථානයේ පදිංචි වී සිටින බවත්, විදුලිය සහ ජලය ලබාගෙන හලාවත නගර සභාවට වරිපනම් බදු ගෙවීම් පවා සිදුකරන විට මේ ආකාරයට තමන්ව ඉවත් කිරීම අසාධාරණ බව ඔවුන් කියා සිටියා.

නමුත් වෙරළ සංරක්ෂණ පනතට අනුව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ බලය තමන්ට තිබෙන බවයිනිලධාරීන් කියා සිටියේ.

එම අවස්ථාවේ දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, කාන්තාවක් තම සිරුරට භූමිතෙල් වත් කරගෙන ගිනි තබා ගැනීමට උත්සහා ගෙන තිබෙනවා.

එහිදී පොලීසිය සහ ගම්වාසීන් විසින් එම උත්සාහය වලක්වා ඇති අතර, ඉදි කර ඇති ගොඩනැගිල්ලකට සපයා තිබූ විදුලි බලය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයේ සේවකයින් උත්සාහ කරන විටත් දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

මෝය ආසන්නයේ ඉදිකර තිබූ ඌරු කොටු දෙකක් සහ එක් ස්ථීර ගොඩනැගිල්ලක් පමණක් අවසානයේදී ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිදුවුණා.

මේ අතර ප්‍රදේශවාසීන් සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර කඩිනම් සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කර පවතින තත්ත්වයට විසදුම් ලබාදීමට කටයුතු කරන බව පොලීසිය කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00