හලාවත මුහුදේ රැල්ල පාගන්න ගිය තරුණයෙක් අතුරුදන්

හලාවත මුහුදු තීරයේ රළ පහරට හසුවූ තරුණයෙකු සොයා ප්‍රදේශවාසීන් සහ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අද දහවල් ඔහු වෙරළේ රළ පාගමින් සිටියදී මෙලෙස රළ පහරකට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක්.

පසුගිය ඉරිදා දිනයේ ද හලාවත මුහුදේ දිය නෑමට ගොස් ළමුන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.