හලාවත ගිනිගත් නිවසේ අබිරහස් මරණ ගැන පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හේතු හෙළිවෙයි

හලාවත, සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් දෙමහල් නිවසකින් ඊයේ (20) සොයාගත් මළ සිරුරු තුන සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) හලාවත මහ රෝහලේ දී සිදුකරනු ලැබුවා.

එකම පවුලේ මව, පියා සහ දියණියගේ පිළිස්සුනු මළ සිරුරු ඊයේ (20) උදෑසන මෙලෙස සොයා ගත්තා.

අද සිදුකළ මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ, මවගේ සහ දියණියගේ ගෙළ කපා ඝාතනය කර පසුව එම සිරුරුවලට ගිනි තබා ඇති බවයි.

මිය ගොස් ඇති 44 හැවිරිදි මවගේ පශ්චාත් මරණ පරීක්ෂණය මුලින්ම සිදුකර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඇයගේ ගෙළ ට තියුණු ආයුධයකින් පහර කිහිපයක් එල්ල වී ඇති බවයි.

ඇයගේ මරණය බොහෝ විට සිදුව ඇත්තේ 18 වැනිදා රාත්‍රීයේ විය හැකි බවද විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාගේ මතය වී තිබෙනවා.

අධික ලේ වහනය හේතුවෙන් මරණය සිදු වී ඇති බවත්, සිරුරට ගිනි තබා ඇත්තේ පසුදින බවයි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ වෛද්‍යවරයාගේ මතය වී ඇත්තේ.

15 හැවිරිදි දියණියගේ ගෙලෙහි කැපුම් තුවාල 02ක් දක්නට ඇති බවත්, ඇයව ඝාතනය කර ඇත්තේ 19 වනිදා රාත්‍රීයේ දී බවද වෛද්‍ය මතය වී තිබෙනවා.

මේ අතර 51 හැවිරිදි පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද දහවල් වනවිටත් සිදුකෙරෙමින් පැවතියා.

මිය ගොස් ඇති පිරිමි පුද්ග්ගලයා ඉඩම් කට්ටි කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වී ඇති අතර, ඔහු බොහෝ පිරිසකගෙන් ණයට මුදල් ලබාගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

මේ අතර ඔහු තම බිරිඳට අයත්ව තිබූ හලාවත – කුරුණෑගල පාරේ කොක්කාවිල ප්‍රදේශයේ ඇති ඉඩමක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ආරවුලක් පැවති බවට ද අනවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය සැකපළ කරන්නේ මෙම පුද්ගලයා විසින් තම බිරිඳව සහ දියණියව ඝාතනය කර පසුව ඔවුන්ගේ සිරුරවලට ගිනි තබා එම පුද්ගලයා ද සියදිවි හානි කර ගන්නට ඇති බවටයි.

නිවසක් ගිනි ගන්නා බවට හලාවත පොලිසියට ඊයේ (20) අලුයම ලැබුණු තොරතුරක් මත එහි ගොස් සිදුකළ සෝදිසි කිරීමේ දී ගිනිගත් නිවස තුළ තිබී මොවුන්ගේ මළ සිරුරු සොයාගෙන තිබුණා.,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04