හල්බරාවේ වැඩබිමක් තුළ අවාසනාවන්ත ලෙස මියගිය පුංචි ජොනතන්ගේ අවසන් කටයුතු හෙට

මාලඹේ, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් තුළ දී අවාසනාවන්ත ලෙස මිය ගිය පස් හැවිරිදි දරුවාගේ අවසන් කටයුතු හෙට (11) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

දරුවාගේ මරණය සම්බන්ධයන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද (10) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මුල්ලේරියාව පොලිස් වසමේ මාලඹේ, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක කුඩා දරුවෙකුගේ මළසිරුරක් ඇති බවට පෙරේදා (08) සවස මුල්ලේරියාව පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව එහි ගිය පොලිසිය සිදුකළ විමර්ශනවලදී දැක ගැනීමට හැකිව ඇත්තේ උදර ප්‍රදේශයට හානි වූ දරුවෙක් ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටින ආකාරයි.

දරුවා වැටි සිටි ස්ථානය අසලම ලේ පැල්ලම් ද සහිතව කැඩුණු වීදුරු බෝතලයක් දක්නට ලැබුණු බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති මෙම දරුවාගේ සැකසහිත මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී ඊයේ (09) සිදුකෙරුණු අතර, එහිදී දරුවාගේ උදරයේ වම් පස කොටස තියුණු ආයුධයකින් කැපී ඇති බව අනාවරණ වී තිබෙනවා.

මේ අතර මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව අද (10) දින නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

තම සීයා සේවය කළ වැඩබිම තුළ දී මෙම දරුවා මෙලෙස මියගොස් සිට ඇති අතර, එම අවස්ථාවේ ඔහුගේ සීයා එහි සිට නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

එම වැඩබිමේ තණකොළ කැපීමට පැමිණෙන පුද්ගලයෙකුට දරුවා බලා ගන්නා ලෙස දන්වා දරුවාගේ සීයා කිසියම් කටයුත්තක් සඳහා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් දරුවාගේ මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට අනුමාන කරමින් විමර්ශන ඇරඹු පොලීසිය තණකොළ කපන්නා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

පසුව ඔහු පොලිසිය හමුවේ පාපොච්ච්රණය කර ඇත්තේ තණකොළ කපන යන්ත්‍රයේ දෝෂයක් පරීක්ෂා කරමින් සිටි අතර තුර අසළ තිබූ වීදුරු බෝතලයක් එහි වැදී බිඳී ගිය බවයි.

අනතුරුව වීදුරු බෝතලය බිඳී විසිරයාම වළක්වාගැනීම සඳහා තමා යන්ත්‍රයේ තලය පසෙකට ගත් අවස්ථාවේ තලය අසල සිටි දරුවාගේ උදර ප්‍රදේශයේ වැදුණු බවත් පවසා තිබෙනවා.

එම අවස්ථාවේ දී දරුවා තුවාල සහිතව ඇදවැටීමත් සමඟ බියට පත්වූ තමන්, දරුවා වීදුරු බෝතලයක් බිඳී එහි කටු ඇණීමෙන් මියගිය බව ඇඟවීම සඳහා ක්‍රියාකළ බවටයි ඔහු පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ.

පසුව 119 හදිසි ඇමතුම් අංකය අමතා දරුවකු මියගොස් සිටින බව දැනුම් බව ද ඔහු පවසා තිබෙනවා.

දරුවාගේ මෙම මරණයට අත්අඩංගුවට ගැනුණු සැකකරු කොට්ටාව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15