හරීන්ගෙන් නැන්දම්මාට තෑග්ගක්

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ වන විට සිටින්නේ රෝහල් ගතව.

ඒ හෘදය හා සම්බන්ධ සැත්කමක් කිරීමට බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයා රෝහල් ගත වීමට පෙර සිය නැන්දම්මාව සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරියක් ලෙස පත් කිරීමට මුල්වී කටයුතු කර තිබෙනවා.

ඒ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කලක් නියෝජනය කළ බදුල්ල ආසනය සඳහා.

නැන්දම්මගේ නම සුසිලා ඩයස් මහත්මියයි.

ඇගේ ස්වාමි පුරුෂයා වන වින්සන් ඩයස් මහතා බදුල්ල ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්.

මේ දෙපලගේ දියණියක හා විවාහ වීම නිසයි උපන් ගම වත්තල වූ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බදුල්ලේ දේශපාලනයට ගියේ.

දැන් යළිත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ වත්තල ආසන සංවිධායකවරයා ලෙස පැමිණ සිටිනවා.

එහෙත් ඔහුට බදුල්ල ආසනය එම දිස්ත්‍රික්කයේ වැඩ කටයුතුවලටත් අත ගැසීමේ අවශ්‍යතාවයක් තිබෙන බව ප්‍රකට කරුණක්.

පසුගිය මහ මැතිවරණයේදීද එම මැතිවරණයට තරඟ නොකළත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වල නියැලුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගය ලයිස්තුවේ මීළඟට සිටින්නේ ඔහුගේ ගෝල බාලයකු වන නයන නමැත්තායි.

එම මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ ඇතැම් කටයුතු නිසා සමගි ජන බලවේගයෙන් එම දිස්ත්‍රික්ක නියෝජනය කරන චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අදටත් සිටින්නේ දැඩි කලකිරීමෙන්.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුල් වී සිය නැන්දම්මාව බදුල්ල සංවිධායකවරයා ලෙස පත් කරනු ලැබුවේ එම දිස්ත්‍රික්කයේද දේශපාලන කටයුතු වලට අත ගැසීමේ අවශ්‍යතාවය නිසා බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය නැන්දම්මාව මෙසේ ආසන සංවිධායකවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජේෂ්ඨයන් බොහෝ පිරිසක් සිටින්නේ අප්‍රසාදයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21