“හරි මග” ගිය පිරිසට ඩිලාන් ගෙන් ප්‍රහාරයක්

රට මුහුණ පා ඇති ආර්ථික අසීරුතා හමුවේ මාධ්‍ය ඉදිරියේ විසඳුම් ඉදිරිපත් කරමින් වීරයන් වීමට උත්සාහ නො ගෙන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා එක් ව කටයුතු කිරීම වඩාත් ඵලදායී බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා අවධාරණය කරනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (02) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහි දී ඩිලාන් පෙරේරා මෙසේ සඳහන් කළා.

අද රට ඇතුළෙත්, ලෝකයේත් විවිධ ප්‍රශ්න නිසාත් විවිධ දුෂ්කරතා තියාගෙන තමයි ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්න වෙලා තිබෙන්නේ. රටේ අභ්‍යන්තරයේ පේන්න තිබෙන ප්‍රශ්න තමයි ඩොලර් ප්‍රශ්නය. ඒ නිසා මේ ඩොලර් ප්‍රශ්නයට විසඳුම් සොයනවා විනා එයට වෙන වෙනම Road Map හදන එක හරියනව ද කියලා මට හිතෙනවා.

ආණ්ඩුව හදන්න දරදිය ඇද්ද උදවිය ඔවුන්ගේ ඇමැතිකම් හොඳින් කරමින් ආණ්ඩුව හරි පාරට ගන්න උත්සාහයකුත් තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා කොරෝනා වසංගතය සම්බන්ධයෙන් එන්නත්කරණයේ දී බොහෝ රටවලට වඩා ඉදිරියෙන් වැඩ කළා. වසංගතයෙන් මේ රටේ ජනතාව ගලවා ගන්න ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ගත්ත වෑයම අපිට මතකයි. සමහර පිරිස්වලට එය අමතකයි.

මේ රටේ ආනයන වියදම අඩු කරගන්න ඕනෑ. පිටරටින් ගේන අපේ රටේ වවන්න පුළුවන් දේවල් අපේ රටේ වවන්න ගෝඨාභය මැතිතුමා පටන් ගත්තා. අලුත් දේශීය නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න කටයුතු කළා. මේ සියලු කාරණා එක්ක තමයි අපි දැන් ඩොලර් ප්‍රශ්නයට විසඳුම් සොයන්න වෙලා තිබෙන්නේ. විදේශ විනිමය, සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, තේ කර්මාන්තය ඒවා තමයි අපේ රටට ඩොලර් ආපු මාර්ග. නමුත් කොරෝනා නිසා සංචාරක කර්මාන්තය කඩා වැටුණා.

යුක්රේනය සහ රුසියාව අතර ඇතිවෙච්ච යුද තත්ත්වය අපේ රටේ ආර්ථිකයට යම් ප්‍රමාණයකට බලපෑමක් තිබෙනවා. මේ යුදමය තත්ත්වයත් සමඟ ඇමෙරිකාවේ ඊයේ එළිදැක්වුණු අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව ඇමෙරිකාවේ තෙල් මිල 40% වැඩිවුණා. පරණ කාර්වල මිල 45%න් වැඩි වුණා.

අපි රටක් හැටියට මේ තිබෙන වාතාවරණය තේරුම් අරගෙන අපි හරි මඟක් තෝරා ගන්නවා නම් අපි Voice Cut නොදී අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරන්න ඕන. ලෝකයේම දෙබිඩි ප්‍රතිපත්තියක් බලවත් රටවල් අනුගමනය කරන වෙලාවක අපි තේරුම් ගන්න ඕන අවසානයේ අපිට ඉන්නේ අපි විතරයි කියලා. ලෝකයේ අපිට සිටින මිත්‍රයන්, සතුරන් කවුද කියලා තේරුම් ගනිමින් කිසිම කඳවුරකට බැඳෙන්නේ නැතිව නොබැඳි පිළිවෙතක් අනුගමනය කරමින් රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න ඕන අපි සියලු දෙනා එකතු වෙලා.

බැසිල් රාජපක්‍ෂ මැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා මාර්තු මාසයේ 05දා පසු විදුලිය කැපීම නැවැත්වීමට හැකියි කියලා. ඒ වගේම කෙටිකාලීන විසඳුම් ගනිමින් ඩොලර් ප්‍රශ්නය විසඳගන්නේ නැතිනම් නැවත විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඩොලර් ප්‍රශ්නයත් එක්ක තමයි මේ සියලු දේ රඳා පවතින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39