හරියට මාස්ක් එක දාගන්න කියූ බස් රියදුරා ඝාතනය කළ දෙදෙනෙකුට සිර දඬුවම්

කොවිඩ් වසංගත සමයේ මුහුණු ආවරණ (face mask) නිවැරදිව පැළඳ නොගැනීම නිසා රථයෙන් බැස යන ලෙස ඉල්ලා සිටි ප්‍රංශ බස් රථ රියදුරෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට චෝදනා එල්ලවූ පුද්ගලයින් දෙදෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

මනායි (Wyssem Manai) සහ ගයිනොන් (Maxime Guyennon) නම් සැකකරුවන් දෙදෙනා 2020 වසරේ දී නිරිතදිග ප්‍රංශයේ Bayonne නගරයේ දී රියදුරාගේ හිසට බරපතල තුවාල සිදු කර ඝාතනය කර ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

මනායි සහ ගයිනොන්ට පිළිවෙළින් වසර 15 සහ 13 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා.

25 හැවිරිදි වියේ පසුවන මෙම දෙදෙනා ප්‍රචණ්ඩත්වයට වරදකරුවන් වූ අතර, ඝාතනය කිරීමේ චේතනාවකින් තොරව මෙම මරණයට සිදුවී ඇති බවටයි අධිකරණයේදී ප්‍රකාශ කෙරුණේ.

මොන්ගුයිලොට් නම් රියදුරා තම බස් රථයේ සිටි පිරිසකට ඔවුන්ගේ ටිකට් පෙන්වීමට සහ ඔවුන් නිකටේ පැළඳ සිටින මුහුණු ආවරණ සකස් කරන ලෙස ඉල්ලා සිටීමෙන් පසුව මෙම පහරදීම සිදු කර තිබෙනවා.

2020 වසරේ ජූලි 5 වන දින සවස ප්‍රහාරය සිදු වූයේ ප්‍රංශයේ පළමු කොවිඩ් අගුලු දැමීම අවසන් කර සියලුම පොදු ප්‍රවාහනය සඳහා මුහුණු ආවරණ අනිවාර්ය වීමෙන් පසුවයි.

බස් රථයේ ඇති වූ ගැටුමකදී සැකකරුවන් දෙදෙනා රියදුරාට පයින් පහර දී පහර දී ඇති අතර ඔහු වැටෙන විට හිස පදික වේදිකාවේ වැදී බරපතල තුවාල ල;ලබා තිබුණා.

59 හැවිරිදි තිදරු පියෙකු වූ ඔහු රෝහල් ගත කිරීමෙන් දින පහකට පසු මිය ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දඬුවම් නියම වූ පුද්ගලයින් දෙදෙනාට වසර 15ක සිරදඬුවමක් ලබා දෙන ලෙසට එරට නීතිපතිවරයා ඉල්ලා තිබූ බව සඳහන්.

මියගිය පුද්ගලයාගේ බිරිඳ මෙම මරණය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව සිටි අතර ඇය මෙම පුද්ගලයන්ට උපරිම වශයෙන් වසර 30ක සිර දඬුවමක් නොලැබීම පිළිබඳ කෝපයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොන්ගුයිලොට් නම් මෙම රියදුරාගේ මරණය ප්‍රංශය කම්පනයට පත් කළ අතර ඔහුගේ බිරිඳ විසින් මෙහෙයවන ලද විරෝධතා පාගමනකට දහස් ගණනක් ජනයා සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36