හරාරේ අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

කොලරා රෝග ව්‍යාප්තිය හේතුවෙන් සිම්බාබ්වේ රාජ්‍යයේ හරාරේ අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ වන විට සැක සහිත රෝගීන් 7,000කට හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නගර බලධාරීන් පවසන්නේ මෙම ව්‍යාප්තිය නගරය පුරා පැතිරී ඇති අතර, 2008 වසරේදී දහස් ගණනක් මිය ගිය කොලරා රෝග ව්‍යාප්තිය වැනි තත්ත්වයක් පිළිබඳ අවදානමක් මතුව ඇති බවයි.

රෝග ව්‍යාප්තිය සමග රෝහල් ගත වන විශාල පිරිස පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් අරගල කරමින් සිටින බවයි ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනය සඳහන් කළේ.

තත්වය කළමනාකරණය කිරීමට සෞඛ්‍ය සේවකයින්ගේ හිඟකම මෙන්ම රෝග සම්ප්‍රේෂණය නතර කිරීමට අවශ්‍ය සැපයුම් නොමැතිකම තත්ත්වය උග්‍ර වීමට හේතුවී තිබෙනවා.

ජනතාවට නිසි පරිදි පිරිසිදු ජලය නොමැතිකම මධ්‍යයේ සිම්බාබ්වේ රාජ්‍යයේ මෑත මාසවලදී මාරාන්තික කොලරාව පැතිරීම වේගවත් වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කොලරා ආසාදිතයන් වාර්තා වීමේ නවතම කේන්ද්‍රස්ථානය වන්නේ හරාරේ හි විශාල ජනතාවක් ජීවත් වන උපනගරයක් වන කුවඩ්සානා ප්‍රදේශයේ යි. වාර්තා වූ රෝගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් එම ප්‍රදේශයෙන් හමුවී ඇති බවයි සිම්බාබ්වේ බලධාරීන් පවසන්නේ.

උග්‍ර පාචන ආසාදනයක් වන කොලරාව ඇති වන්නේ Vibrio cholerae බැක්ටීරියාවෙන් දූෂිතවූ ආහාර හෝ ජලය පරිභෝජනය කිරීමෙන්.

හරාරේ නගරාධිපති ඉයන් මැකෝන් ප්‍රකාශ කළේ මෙවර කොලරාව පැතිරීම 2008 වසරේ සිදු වූ ව්‍යාප්තියට සමාන තත්වයක් බවයි.

2008 වසරේ සිදු වූ ව්‍යාප්තියෙන් පසුව පුද්ගලයින් 4,000කට අධික සංඛ්‍යාවක් මිය ගිය අතර අවම වශයෙන් 100,000කට පමණ ආසාදනය වී තිබුණා. එය රටේ මූලික සේවාවන් අඩාල වීමට ද හේතුවක් වුණා.

2018 දී මරණ 20ක් සහ ටයිපොයිඩ් සහ කොලරාව සම්බන්ධ රෝගීන් 2,000කට වඩා වාර්තා වීමෙන් පසුව රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

සිම්බාබ්වේ කොලරා අර්බුදය ජල හිඟය හමුවේ වර්ධනය වී ඇති බවටයි වාර්තා වන්නේ.

අඟහරුවාදා එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ රට තුළ සැක සහිත රෝගීන් 7,398ක්, තහවුරු කරන ලද මරණ 50ක් සහ රෝහල් ගත පුද්ගලයින් 109 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

මෙම තොරතුරු අනාවරණ කෙරුණේ සිම්බාබ්වේ සෞඛ්‍ය අමාත්‍යවරයා කොලරා වසංගතය පැතිරීම ආරම්භ වූ හරාරේ නුවර නිරීක්ෂණයකට එක්වූ අවස්ථාවේදීයි. එහිදී රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් වීදි ආහාර වෙළඳුන් ඉවත් කිරීම මෙන්ම ජනතාවට ආරක්ෂිත ජලය ලබාදීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ද ඔහු එහිදී ප්‍රකාශයට පත් කර තිබුණා.

දිස්ත්‍රික්ක 62 න් 45ක රෝගය ඉක්මනින් පැතිර යන බව ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම රෝග ව්‍යාප්තිය දේශ සීමා හරහා යාමක් ද අපේක්ෂා කළ හැකි බවයි.

මලාවි, දකුණු අප්‍රිකාව සහ මොසැම්බික් ඇතුළු අසල්වැසි රටවල් ද අතීතයේ දී කොලරාව පැතිරීම නිතර අත්විඳ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04