spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හර්දික් පාණ්ඩ්‍යාගේ ක්‍රිකට් අනාගතය ගැන රවී ශාස්ත්‍රීගෙන් අනාවැකියක්

ඉන්දීය ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ලබන වසරේ දී ජාත්‍යන්තර එක්දින පිටියට සමුදීමේ වැඩි ඉඩක් පවතින බව ඉන්දීය කණ්ඩායමේ හිටපු ප්‍රධන පුහුණුකරු රවී ශාස්ත්‍රී අනාවැකි පළකරනවා.

ඔහු සඳහන් කරන්නේ පාණ්ඩ්‍යා ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසු මෙම තීරණය ගැනීමේ වැඩි ඉඩක් පවතින බවයි.

හර්දික් පාණ්ඩ්‍යා එක්දින තරඟවලට වඩා විස්සයි විස්ස තරඟ ක්‍රීඩා කිරීමට කැමති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ කාර්යන් කළමනාකරණය කර ගැනීම සඳහා ඔහු මෙම තීරණය ගනු ඇති බවයි රවී ශාස්ත්‍රි අවධාරණය කළේ.

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමත් සමඟම එම ක්‍රිකට් ආකෘතිය දැඩි අවධානමකට ලක්ව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මීට පෙර පවසා තිබුණේ එක්දින තරග රටාව මේ වනවිට ප්‍රේක්ෂකයින්ගෙන් සහ ක්‍රීඩකයින්ගෙන් ක්‍රමයෙන් ඈත්ව යන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?