spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරක් වෙනුවෙන් ගිලන් රථ සේවාවක් ඇරඹීමට රජය තීරණය කරයි

බරපතළ තත්ත්වයේ රෝගවලින් පෙළෙන ගවයින් සත්ත්ව රෝහල් කරා රැගෙන යාම සඳහා විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

ප්‍රාන්තයේ කිරි නිෂ්පාදන, සත්ව පාලන සහ ධීවර අමාත්‍ය ලක්ෂ්මී නාරායන් චෞද්රි පවසන්නේ, මේ සඳහා ගිලන් රථ 515ක් සූදානම් කර ඇති බව ය.

මෙය ඉන්දියාවේ පළමු ගව ගිලන් රථ සේවාව වනු ඇත.

අදාළ දුරකතන අංකය වන 112 අංකය ඇමතූ විට පශු වෛද්‍යවරයෙකු සහ සහයකයින් දෙදෙනෙකු සමග ගිලන් රථයක් පිටත් කර යැවේ.

කෙසේ වෙතත්, මෙම ගිලන් රථ සේවාව සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව දැඩි විවේචන එල්ල කර ඇත.

ඔවුන් පවසන්නේ, කොවිඩ් වැළඳුණු රෝගීන් රික්ෂෝවල රැගෙන යන රටක ගවයින් වෙනුවෙන් ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීම හාස්‍යයට කරුණක් බව ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?