හරක් කටා CIDයෙන් පන්නන්න හැදූ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

නඳුන් චින්තක නොහොත් හරක් කටා යන සංවිධානාත්මක අපරාධකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් පැන යෑමට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙක් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරියෙකුගේ සාහය ඇතිව හරක් කටා අත්අඩංගුවෙන් මිදී පලායාමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය මඟින් මේ වන විට සිදු කරමින් පවතින පරීක්ෂණවල දී දුරකථන දත්ත ඔස්සේ සිදුකරන ලද විමර්ශනයේ දී හරක් කටා ට පළායෑමට භාවිත කිරීමේ අරමුණින් රැගෙන එන ලද යතුරුපැදියක් හා ආරක්ෂක හිස් වැසුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබී අත්අඩංගුවට ගෙන තිබිණි.

එම ආරක්ෂක හිස්වැසුම රැගෙන ඒම සඳහා සුද්දා නැමති පුද්ගලයෙකු සම්බන්ධ වී තිබූ අතර, එම සැකකරු සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඔහු පදිංචි ස්ථානයෙන් මඟහැර ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එම සුද්දා නැමති එම පුද්ගලයා පිළිබඳව තවදුරටත් දුරකථන විශ්ලේෂණයන සිදු කරමින් කරන ලද විමර්ශනයේදී සුද්දා යන අය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු සමග සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව පොලිසිය පවසනවා.

ඊට අමතරව මෙම සැරයන්වරයා හරක් කටා ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයෑමේ සිද්ධිය, විදේශගතව සිටි මෙහෙයවනු ලැබූ ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් ‘මිදිගම රුවන්’ නැමැත්තා සමඟ ද වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ වෙමින් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව හරක් කටා ට අත්අඩංගුවෙන් මිදී පලායාමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීම සහ තොරතුරු වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අදාළ පොලිස් සැරයන්වරයා ඊයේ (06) දහවල් මිදිගම පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර 36 හැවිරිදි සැරයන්වරයා දික්කුඹුර, අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකාර සැරයන්වරයා සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමේ නිලධාරින්ට විශ්වයෙන් පණිවිඩ එනවද ?..කපිල ගැන ගම්මන්පිල කරපු හෙළිදරව්ව
02:00
Video thumbnail
අනුර පචේ මේ අහපන් - හොරා කෑවා තවත් මදිද
02:41
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දේහය අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ගෙන ගිය හැටි
01:53
Video thumbnail
කපිලගේ මරණය ගැන අපිටත් කම්පනයක් තියෙනවා
09:55
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශයෙන් රහස් රැසක් හෙළිවෙයි..?
08:32
Video thumbnail
මාලිමා පාක්ෂිකයෙක්ගේ නමක් ගහපු නිසා මහරගම න.සභාව යුද පිටියක් වෙයි..ඇයි ලයිට් OFF කරන්නේ..හූ හූ
14:19
Video thumbnail
මට මේ රටේ ඉන්න බයයි - මාව ඉවර කරන්න හදනවා
01:43
Video thumbnail
මඩකලපුව වැවකින් පිරිමි මළ සිරුරු දෙකක් හමුවෙයි
00:56
Video thumbnail
වෘත්තීය අධ්‍යාපනය ගැන රෝහිනී කට අරියි..NVQ Level 4 කරපු අයට විශ්වවිද්‍යාලයට එන්න ඉඩ දෙන්න
07:57
Video thumbnail
🔴Breaking News
01:51