“හරක් කටා” සහ “කුඩු සලිඳු” රැගෙන ඒමට CID කණ්ඩායමක් හෙට පිටත්ව යයි

මැඩගස්කර් රාජ්‍යයේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා‘ සහ සලිඳු මල්ෂික නොහොත් ‘කුඩු සලිඳු‘ මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හෙට පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මෙම පුද්ගලයන් දෙදෙනා සමග තවත් තුන්දෙනෙකු අත්අඩංගුවට පත්වී ඇති බවට ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම්දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

ජාත්‍යන්තර පොලිසිය සමග සම්බන්ධ වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.

මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු දෙදෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ.

‘හරක් කටා’ ඇතුළු කණ්ඩායම මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් බව පෙරේදා (08) නිල වශයෙන් එරට රජය විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී තිබුණා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන් මෙරටට ගෙන ඒමේ කටයුතු සඳහායි මෙම විශේෂ පොලිස් කණ්ඩායම හෙට මැඩගස්කරය බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ.

හරක් කටා සහ කුඩු සලිඳු ඇතුළු 8 දෙනෙකු මැඩගස්කරයේ ආරක්‍ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පළමු වන දා යි.

පසුගිය පෙබරවාරි මස 12 වන දා හරක් කටා ඇතුළු පිරිස ‘නොයිබී’ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇති අතර ඔවුන් නැවත මෙම මස පළමු වන දා මැඩගස්කරයෙන් පිටව යන මොහොතේදී එරට ආරක්‍ෂක අංශව අත්අඩංගුවට පත්වී තිබෙනවා.

මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ජාත්‍යන්තර පොලිසිය වෙත නිකුත් කර තිබූ රතු වරෙන්තු අනුව යි.

හරක් කටා සුපිරි ධනවතකු ලෙස පෙනී සිට ඇති අතර ඔවුන් මැඩගස්කරය බලා යාමට ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථ දෙකකින් බව සඳහන්.

2022 වසරේ අගෝස්තු 11 වන දා ද ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔවුන් මෙරටට ගෙන ඒමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වුව ද සැකකරුවන් මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු නිසි ලෙස සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ඩුබායි පොලිසිය ඔවුන් 2022 වසරේ ඔක්තෝබර් 3 වන දා මුදා හැර තිබූ බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14