හරක් කටා සහ කුඩු සලිඳු අඟහරුවාදා දිවයිනට

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු ලබන අඟහරුවාදා දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා රැගෙන ඒම සඳහා පොලිස් නිළධාරීන් සිව්දෙනෙකු ඊයේ කටුනායක ගුවන් තොටුපළෙන් මැඩගස්කරය බලා පිටත්ව ගියා.

එලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙක්.

හරක් කටා සහ කුඩු සළිදු දිවයිනට රැගෙන ඒමේදී මැඩගස්කරයේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණීමට නියමිතයි.

සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍යයක් පසුගිය 07 වනදා පළමුව වාර්තා කර තිබුණා.

එම පුද්ගලයින් 8 දෙනා මැඩගස්කරයේ ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඉකුත් 01 වනදා අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොලීසිය ද එය තහවුරු කළා.

අත්අඩංගුවට ගත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ යැයි පැවසෙන මැලේසියානු ජාතික කාන්තාවක් ද සිටින බව විදෙස් මාධ්‍යයේ වාර්තා කර තිබුණා.

එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ ඇය සන්තකයේ තිබී එරට මුදලින් මිලියන 38 කට අධික මුදලක් බලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 05 දෙනෙකු පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරය වෙත පැමිණ ඇති බව ද සඳහන්.

නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු ඩුබායි රාජ්‍යයේ සිට මැඩගස්කරය බලා යාමට උත්සහ දරා ඇත්තේ මැණික් ව්‍යාපාර සඳහා යන බව පවසමින් බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

මෙරට අධිකරණයෙන් ලබාදුන් නියෝග අනුව හරක් කටා නමැත්තාට ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන ද නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14