spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරක් කටා සහ කුඩු සලිඳුගේ පරීක්ෂණ ගැන පොලිස්පතිගෙන් නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සලිඳු මල්ශික හෙවත් කුඩු සලිඳු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට වෙනත් කිසිදු පාර්ශවයකට බලපෑම් කිරීමට ඉඩ නොතබන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට නියෝග කර තිබෙනවා.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සාකච්ඡාවකදී පොලිස්පති සී ඩී වික්‍රමරත්න අද මෙම උපදෙස්
ලබා දී තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂවරයාටයි.

සැකකරුවන් සම්බන්ධයෙන් දැනට විමර්ශන සිදු කරන කණ්ඩායම හැර වෙනත් කිසිදු පොලිස් කණ්ඩායමකට ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඉඩ නොදෙන ලෙසටද පොලිස්පතිවරයා එහිදී දැනුම් දී තිබෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?