හරක් කටා ඇතුළු විත්තකරුවන්ට කොළඹ මහාධිකරණයෙන් දුන් නියෝගයට එරෙහිව අභියාචනයක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණය විසින් ඉකුත්දා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා අද (20) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම්දීම සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්