හරක් කටාට CIDයෙන් පැන යාමට පිඹුරුපත් ඇඳ දුන් කොස්තාපල් ඉන්දියාවේ දී අල්ලයි

නඳුන් චින්තක නොහොත් ‘හරක්කටාට’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට ආධාර – අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රවිඳු සංදීප් නමැති මෙම පොලිස් කොස්තාපල්වරයා සමග තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

මිනීමැරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි ප්‍රකට හරක්කටා නොහොත් නදුන් චින්තක එම චෝදනාවෙන් ද ජනවාරි 29 වැනිදා නිදහස් කෙරුණා.