හරක් කටාට පැන යන්න උදව් කළ කොස්තාපල්ට එරෙහිව අධිචෝදනා ගොනු වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද (17) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සැකකරු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවට පමුණුවනු ලැබූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඉන් අනතුරුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරු පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීම සිදු වුණා.

එම අධි චෝදනා පවරා පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම්දුන්නා.

ඉන් අනතුරුව නඩු විභාගය අප්‍රේල් මස 04 වැනිදා පැවැත්වීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ද ඔහුගේ නීතිඥවරු එහිදී අධිකරණයට දැනුම්දුන් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00