හරක් කටාට උදව් කළ බවට චෝදනා එල්ල වූ කොස්තාපල් නිදොස්කොට නිදහස්

නඳුන් චින්තක නොහොත් හරක් කටා ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායෑමට උත්සාහ කළ සිද්ධියට සහාය දුන් බවට චෝදනා එල්ල වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් සංජය අබේසිංහ නිදොස්කොට නිදහස් කර තිබෙනවා.

ඒ, ඔහුව අද (20) දිනයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයා මාස 11ක පමණ කාලයක් එම කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කෙරුණා.