හරක් කටාට උදව්කළ කොස්තාපල් පැනගිය මෝටර් රථය දෙදෙනෙකු සමඟ අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යාමේ සැලසුම් අසාර්ථක වූ අවස්ථාවේ දී එයින් පළා ගිය කොස්තාපල්වරයා මෝටර් රථයකිනින් රැගෙන ගිය බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා ද සමඟ සැකකාර කොස්තාපල්වරයා රැගෙන ගිය බව කියන මෝටර් රථය ද පොලිස් භාරයට ගත බව එම කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.

එම මෝටර් රථය මාතර, කැකනදුර ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ආයතනයකින් ඊට පෙර දින රුපියල් විසිදහසක් ගෙවා ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා විදේශගතව සිටින මිදිගම රුවන් නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු බවටයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය 10 වන දින ‘හරක් කටා’ නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා සූදානම් වූ අවස්ථාවේදී සැකකාර කොස්තාපල්වරයා ඔවුන්ට මත් මිශ්‍ර කිරි ටොෆි සහ තේ ලබාදී නින්ද යාමෙන් අනතුරුව උපක්‍රමශීලීව හරක් කටාව වැසිකිළියට රැගෙන ගොස් ඔහුගේ අත් මංචු බුරුල් කිරීමට කටයුතු කර තිබුණා.

අනතුරුව හරක් කටා විශේෂ කාර‍ය් බළකාය සෙබළකුගේ ගිනි අවිය උදුරාගෙන පළා යාමට උත්සාහ කිරීමේ දී දැඩි පරිශ්‍රමයක් දරා අනෙකුත් නිලධාරීන් විසින් එය වළක්වා තිබූ බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14