හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලය හෙළිවෙයි

මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කෙරෙන හරක් කටා නමැත්තාගේ මත්ද්‍රව්‍ය තොග ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත්තේ බහුදින ධීවර යාත්‍රාවලින් බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගියදා දකුණු වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව ඒ සම්බන්ධ තහවුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව පසුගිය දිනවල මෙරටට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොග රැගෙන එන ලද බහුදින ධීවර යාත්‍රාවක් පදවාගෙන ගිය පුද්ගලයා ඊයේ (03) මාතර කෝට්ටේගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 52කට අධික මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.

පසුගිය දිනවල මෙරටින් සොයාගත් මත්ද්‍රව්‍ය තොග ජාත්‍යන්තර මුහුදේ දී ලබාගෙන මෙම පුද්ගලයා පදවන ලද බහුදින ධීවර යාත්‍රාවෙන් ශ්‍රී ලංකාව ආසන්න ප්‍රදේශයකට රැගෙනවිත් කුඩා බෝට්ටුවලට ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45
Video thumbnail
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඕනෑම ආපදාවකට සූදානම් - ත්‍රිවිධ හමුදාව යොදවලා තියෙන්නේ
04:51
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59