spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරක් කටාගේ පෙත්සමක් සලකා බැලීම කල් යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහිව නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන ජූලි මස 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍ර‍මුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසියටත් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරයට අදාළ සංශෝධිත පෙත්සම තමන් වෙත ලැබී නොමැති බවයි.

ඒ අනුව අදාළ සංශෝධිත පෙත්සමේ පිටපතක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට ලබාදීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජූලි මස 11 වනදා කැඳවන ලෙස නියෝග කළා.

කිසිදු සාධාරණ සාක්‍ෂියක් නොමැතිව රැඳවුම් නියෝග මත තමන්ව රඳවා ගැනීම තුළින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට එරෙහි රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු එහි නිලධාරීන් පිරිසක් නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?